අම්බලන්ගොඩ මෙඩිහෙල්ප් රෝහලෙන් නොමිලේ වෛද්‍ය සායනයක්





 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


අම්බලන්ගොඩ හා ඒ අවට ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා කිරීමට දිවා රෑ වෙහෙසන අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරි, නිලධාරිනියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ ජංගම වෛද්‍ය සායනයක් පැවැත්වීමට අම්බලන්ගොඩ මෙඩිහෙල්ප් පෞද්ගලික රෝහල පියවර ගත්තේය.

මෙඩිහෙල්ප් පෞද්ගලික රෝහල් ජාලයේ දකුණු පළාතේ ආරම්භ කරන ලද පළමු ශාඛාව වන අම්බලන්ගොඩ මෙඩිහෙල්ප් රෝහල විසින් සංවිධනය කෙරුණු මේ ජංගම වෛද්‍ය සායනය අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.

අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී අසංක කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මෙඩිහෙල්ප් පෞද්ගලික රෝහලේ සාමාන්‍යාධිකාරී ශම්මි පෙරේරා, මෙහෙයුම් කළමනාකරු ජේ. කිෂාන්ත, රසායනාගාර කළමනාකරු අජිත් ලසන්ත යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වූහ.

මේ ජංගම වෛදය සායනයේදී ප්‍රසව සහ නාරිවේද, සර්වාංග යන රෝග විශේෂඥ වෛදයවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගෙන් සමන්විතවූ කණ්ඩායමක් විසින් පොලිස් නිලධාරීන්ගේ ශරීර සෞඛ්‍ය පරීක්ෂා කළහ. එයට අමතරව රුධිරගත සීනි සහ මේද තත්වය පරීක්ෂා කිරීමේ පරීක්ෂණද නොමිලයේ සිදු කෙරිණි.