අගෝස්තුවේ සිට ETF දායක මුදල් ගෙවීම ඉලෙක්ට්‍රොනිකව පමණයි


සේවකයන් 15ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති සියලු‍ සේවායෝජකයන්, එම සේවකයන් සඳහා 2026 අගෝස්තු 31 ට පෙර ගෙවිය යුතුව ඇති, 2026 ජූලි මාසයට අදාළ වන ETF දායක මුදල් ගෙවීමේ සිට ඉදිරියට ඉලෙක්ට්‍රොනිකව පමණක් සිදු කළ යුතු බව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) දැනුම් දී සිටියි. 
එසේම ඉදිරියට මාසික වාර්තා ඉදිරිපත් කිරීමත් ඉලෙක්ට්‍රොනිකව පමණක් සිදු කළ යුතු බව දැනුම් දී ඇත. ඒ අනුව ඉදිරියේදී මුදල්, චෙක්පත්, මුදල් ඇනවුම් මගින් ගෙවීම් හෝ මුද්‍රිත වාර්තා භාර නොගන්නා බව එම අරමුදල පවසයි. එහිදී අධිභාරවලින් වැළකී නිසි වේලාවට, පහසුවෙන් සහ නිවැරදිව දායක මුදල් ගෙවීමට මෙම නියම පිළිපඳින ලෙසත් එම අරමුදල දැනුම් දී සිටියි.