භානුක අමරසිංහ
හේලීස් සමූහයට අයත් ඇලුමෙක්ස් පී.එල්.සී. සමාගමේ දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වූ අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගම එම කොටස් සියල්ල විකුණා දමා ඇතැයි පවසයි. පසුගිය සැප්තැම්බර් 02 වැනිදා මෙම අලෙවිය සිදු කර තිබේ.
මෙහිදී අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගම සතුව තිබූ කොටස් 80,169,400ක් අලෙවි කර ඇති අතර, එය සමාගම මගින් නිකුත් කර තිබූ සමස්ත කොටස් අතරින් සියයට 13.39 කි. කොටසක් රුපියල් 18.00ත් රුපියල් 20.10ත් අතර මුදලකට මෙම අලෙවිය සිදු කළ බව වෙළෙඳපොළ සටහන් පවසයි.
මෙම කොටස් අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ඇලුමෙක්ස් පී.එල්.සී.හි විධායක නොවන අධ්‍යක්ෂ ඒ.ඒ. අක්බාර්අලි සතුව පැවැති කොටස් බවත් සඳහන් වෙයි. ඇලුමෙක්ස් පී.එල්.සී. සමාගමේ විශාලතම කොටස් හිමිකරුවා වන හේලීස් පී.එල්.සී. සතුව කොටස් 314,826,064ක් පවතින අතර, එය සමාගම මගින් නිකුත් කර ඇති කොටස් අතරින් සියයට 52.59කි.