Tree House ඉන්ටර්නැෂනල් BWIO සම්මානයෙන් පිදුම් ලබයි



දෙහිවල පිහිටි Tree House International  වසරේ විශිෂ්ටම හා සාක්ෂි මත පදනම් වූ විශේෂ අවශ්‍යතා ජාත්‍යන්තර පාසල ලෙස BWIO සම්මාන ලැබුවේය. ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන් වූ එකම ජාත්‍යන්තර පාසල වන එහි අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් සියයට 75ක් පමණ විදේශ රටවල සිට මෙරටට පැමිණ ඇත.

උසස් ප්‍රමිතියේ සහ ප්‍රතිඵල මත පදනම් වූ අධ්‍යාපනයක් ලැබිය හැකි වීම ඊට හේතුවයි. පසුගිය වාරයේදී එහි අධ්‍යාපනය ලැබූ සිසුන්ගෙන් සියයට 100ක්ම ප්‍රධාන ධාරාවේ අධ්‍යාපන අවස්ථා හෝ වෘත්තීය පුහුණු අවස්ථා සඳහා යොමු විය. 

වසර 20කට වැඩි ගෝලීය අත්දැකීම් සහිත වරලත් චර්යාත්මක මනෝ විද්‍යාඥයකු වන ආචාර්ය ඇන්ටන් ජේම්ස් විසින් මෙම පාසල මෙහෙයවනු ලබයි. ඔහු හඳුන්වා දී ඇති සාක්ෂි පදනම් කර ගත් ක්‍රමවේදය බ්‍රිතාන්‍ය මනෝවිද්‍යා සංගමය පිරිනමන ඉහළම ගෞරවයද ලබා ඇත. ඔහු වරලත් විද්‍යාඥයකු ලෙසද තේරී පත් වී ඇත. විශේෂ අවශ්‍යතා පිළිබඳ වසර 15කට වැඩි අත්දැකීම් සහිත විශේෂඥයකු වන ක්‍රිස්ටල් හොන්සේකර් පාසලේ සම අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.  GCSE සඳහා විකල්පයක් ලෙස පිළිගත් බ්‍රිතාන්‍ය විෂය නිර්දේශයක් යටතේ ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.