Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් සමාගම වන Prime Constructions (Pvt) Ltd (PCL), පසුගියදා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රේ ණිගත කිරීම් ක්‍රමවේදය යටතේ C1 ශ්‍රේ ණිය හිමිකර ගැනීමට සමත් විය. වසර දෙකහමාරක් වැනි කාලයක් තුළ මෙම ශ්‍රේ ණිය හිමිකරගැනීමට Prime Constructions සමත් වීම විශේෂත්වයකි.
ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් වීමට Prime Constructions සමත් වී ඇති බව මින් තහවුරු වේ.
Prime Constructions සමාගමේ සාර්ථකත්වය හේතුවෙන් එය මේ වන විට ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හැඩගස්වන පුරෝගාමී බලවේගයක් බවට පත් වී තිබේ. Prime සමූහයේ මූල්‍ය ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වයෙන් ලැබෙන පන්නරය හේතුවෙන් එම සමාගමට නොසැලෙන විශ්වාසයකින් යුතුව මෙරට ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ අභියෝග ජයගැනීමට හැකි වී ඇත. ඉහළම මට්ටමේ සුදුසුකම් සහිත ප්‍රවීණ ඉංජිනේරුවන් සහ කාර්මික විශේෂඥයන් ඇතුළු පිරිසක් Prime Constructions සමාගමෙහි සේවය කරන බැවින්, තමන් වෙත පැවරෙන සෑම ව්‍යාපෘතියක්ම ඉහළම ප්‍රමිතියකින් සහ විශිෂ්ට කළමනාකාරණයකින් යුතුව සම්පූර්ණ කිරීමට සමාගමට හැකි වී ඇත.
විශේෂයෙන්ම සෑම විටම උසස් ප්‍රමිතිය පවත්වා ගන්නා අතරම නිසි කාලසීමාව තුළ හෝ ඊට පෙර ව්‍යාපෘති අවසන් කර භාරදීම සම්බන්ධයෙන් කීර්තියක් දිනාගැනීමටද Prime Constructions සමාගම සමත් වී තිබේ. එමෙන්ම සම්පත් කාර්යක්ෂම ලෙස පරිහරණය කිරීම සහ ප්‍රශස්ත ලෙස ඉදිකිරීම් කිරීම හේතුවෙන් වඩාත් හොඳ මිලගණන් ඉදිරිපත් කිරීමටද සමාගමට හැකි වී ඇත. මේ නිසා Prime Constructions සමාගම මේ වන විට ඉදිකිරීම් විශිෂ්ටත්වය මෙන්ම ආයෝජනයට උපරිම වටිනාකම අපේක්ෂා කරන සේවාදායකයන්ගේ ප්‍රමුඛතම තෝරාගැනීමක් බවට පත් වී තිබේ.
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රේ ණිය කිරීම හිමි වීම යනු Prime Constructions සමාගමේ මෙහෙයුම් ශක්තිය තහවුරු කරන අතරම එහි විශ්වාසනීයත්වය වැඩිදියුණු කරන සාධකයකි. එමෙන්ම මෙම පිළිගැනීම හේතුවෙන් සමාගමට මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ඉදිරිපත් වීමේදී තරගකාරී වාසියක් හිමි වේ. මේ සියල්ල දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය වැනි අතිශය තරගකාරී ක්ෂේත්‍රයක් තුළ දීර්ඝකාලීන වර්ධනය සහ ස්ථාවරත්වය ළඟා කරගැනීම සඳහා සමාගමට බෙහෙවින් වැදගත් වනු ඇත.

