NDB බැංකුවේ අක්කරෙයිපත්තු ශාඛාව නව පරිශ‍්‍රයකට


NDB බැංකුවේ අක්කරෙයිපත්තු ශාඛාව 2025 සැප්තැම්බර් 10 වැනි දා නව පරිශ‍්‍රයකට ගෙන එන ලදී. නවීකරණය කර නව පරිශ‍්‍රයකට රැගෙන ආ බැංකු ශාඛාව අංක 71, අම්පාර පාර, අක්කරෙයිපත්තුව දරන ලිපිනයේදී උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

2015 වසරේ දී ආරම්භ කරන ලද අක්කරෙයිපත්තුව NDB බැංකු ශාඛාව, කලාපය පුරා පවුල්, ව්‍යවසායකයන් සහ ව්‍යාපාර සඳහා සහාය වෙමින් වසර නවයකට අධික කාලයක් තම ගනුදෙනුකරුවන්ට සාඩම්බර සේවාවක් ලබාදී ඇත. වඩාත් පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ස්ථානයකට නව ශාඛාව ගෙනයාමෙන් බැංකුවේ වටිනා ගනුදෙනුකරුවන්ට වඩාත් වැඩිදියුණු කළ පහසු, නවීන පහසුකම් සහ උසස් බැංකු අත්දැකීමක් ලබා දීමේ බැංකුවේ ඇති අරමුණ මෙමගින් පිළිබිඹු කෙරේ.

නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් වන සංජය පෙරේරා - ජ්‍යෙෂ්ඨ උප සභාපති පෞද්ගලික බැංකුකරණ සහ පාරිභෝගික සේවා, සෙයාන් හමීඩ් - උප සභාපති පුද්ගලික බැංකුකරණ, බ්‍රින්තාපන් සෙල්වනායගම් - උතුරු නැගෙනහිර කලාපීය ප‍්‍රධානී, ගංගා වනිගරත්න - වෙළෙඳ මූල්‍ය, ගෙවීම් සහ පියවීම් මෙහෙයුම් සහකාර උප සභාපතිනි, වින්ජය ජයසිංහ - සහකාර උප සභාපති ශාඛා මෙහෙයුම් ප‍්‍රධානී  සහ ඉස්ලාමීය බැංකුකරණ ප‍්‍රධානී බහාර් නයන් යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය විද්වතුන්, කාර්ය මණ්ඩලය සහ ගෞරවනීය ගනුදෙනුකරුවෝ සහභාගී වූහ.

මෙම අවස්ථාවට සම්බන්ධවෙමින් NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සංජය පෙරේරා මහතා මෙසේ පවසා සිටියේය. මෙම අක්කරෙයිපත්තු ශාඛාව නව පරිශ‍්‍රයකට රැගෙන ඒම නව ආරම්භයක් පමණක් නොව මෙම කලාපයේ ජනතාව වෙනුවෙන් NDB බැංකුවේ අපගේ ඇති නව කැපවීමක් ද නියෝජනය කරයි. වැඩිදියුණු කළ පහසුකම් සහ නවීකරණය කරන ලද බැංකු අත්දැකීමක් අපගේ ගනුදෙනුකරුවන්ට සමීප කරවීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වන අතරම NDB ෂරීක් යටතේ කැපවූ ඉස්ලාමීය බැංකුකරණ ඒකකයක් පිහිටුවීම සමගින් සියලූ දෙනාම ඇතුළත් බැංකුකරණ සේවා තවත් ශක්තිමත් කිරීමේ නව පියවරක් ඉදිරියට තබමු. අක්කරෙයිපත්තුව සහ ඉන් ඔබ්බට පුද්ගලයන්, පවුල් සහ ව්‍යාපාර සඳහා විශ්වාසදායක මූල්‍ය සහකරුවකු ලෙස සිටීම අපගේ දැක්මයි.’ 

මීට අමතරව, ලීසිං සේවා, තැන්පතු, ක්‍රෙඩිට් කාඩ්පත්, NDB අරලිය ගිණුම්, ස්ථාවර තැන්පතු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණ (SMEs) සහ ශිල්ප ළමා ඉතුරුම් යන අංශ යටතේ නව ශාඛාවේ පළමු ගනුදෙනුකරුවන් පිළිගැනීම ද මෙම උත්සවයේදී සිදු කෙරිනි.