NDB බැංකුව බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි ““Battle of the Brains” ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ 2025 වසරේ තරගාවලිය සාර්ථකව අවසන් කළේය. එම වැඩසටහන බැංකුවේ සේවය කරන සේවක සාමාජික සාමාජිකාවන් අතර සුහදතාව, සහයෝගීතාව සහ අඛණ්ඩ ඉගෙනීම වර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද උද්යෝගිමත් වැඩසටහනකි.
මෙම වසරේ තරඟයට අතිමහත් ප‍්‍රතිචාරයක් ලැබුණු අතර, බැංකුව පුරා කණ්ඩායම් 69 ක් ලියාපදිංචි විය. මෙයින් කණ්ඩායම් 66 ක් මූලික වටයේ තරඟ කළ අතර, සාමාන්‍ය දැනුම, කාලීන තොරතුරු, ව්‍යාපාර, විද්‍යාව හා තාක්ෂණය, ඉතිහාසය, කලා, ක්‍රීඩා සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර යටතේ ඔවුන්ගේ දැනුම සහ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව ප‍්‍රදර්ශනය කළහ. තීරණාත්මක පළමු වටයෙන් පසුව, ඉහළම දක්ෂතා දැක්වූ කණ්ඩායම් 20 අවසන් මහා තරගයට පිවිසි අතර එය ඉතා විචිත‍්‍රවත් හා අතිශය තරගකාරී අවසන් තරගයක් බවට පත් විණි.
ඉතා උද්වේගකර සටනකින් පසු පාරිභෝගික අත්පත් කර ගැනීමේ ඒකකය (Customer Acquisition Unit) 2025 තරගයේ සමස්ත ශූරතාව දිනා ගන්නා ලදී. අවදානම් දෙපාර්තමේන්තුව (Risk Department) දෙවැනි ස්ථානය දිනා ගත් අතර කාඩ්පත් දෙපාර්තමේන්තුව (Cards Department) තෙවැනි ස්ථානයට පත්විය. සම තත්වයේ පසු වූ තරගකරුවන් ලෙස උපාය මාර්ග සහ ව්‍යාපාර බුද්ධි කණ්ඩායම (Strategy & Business Intelligence) සිව්වැනි ස්ථානයටත්, දකුණු කලාපීය කාර්යාල කණ්ඩායම (Regional Office Southern) පස්වැනි ස්ථානයටත් පත් වූ අතර, අවසන් තරගය මෙතෙක් පැවති තරග වටවලින් වඩාත්ම ආකර්ෂණීය අවස්ථාවක් බවට පත් විය.