බැංකුව අනාවරණය කළ වටිනාකමට වඩා රුපියල් මිලියන 400 ක වැඩිවීමක්
නේෂන්ස් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) බැංකුවේ සිදුව ඇතැයි පැවසෙන අභ්‍යන්තර වංචාවේ වටිනාකම රුපියල් බිලියන 13.6 ක් (රුපියල් 13,579,664,684ක්) ලෙස සටහන් වන බව එම බැංකුව පවසයි. මෙම වංචාව සම්බන්ධයෙන් ඉන්දියාවේ Deloitte Touche Tohmatsu ආයතනය මගින් සිදුකළ විමර්ශනයට අනුව මෙම මුදල සටහන් වන බව බැංකුව පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් සඳහන් කර තිබේ.
ඉන්දියාවේ Deloitte ආයතනය මගින් මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විමර්ශනයට අදාළ පළමු අතරමැදි වාර්තාව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබෙන බව බැංකුව පවසයි. මෙම නිරීක්ෂණය මූලික සහ දළ දර්ශකයක් පමණක් වන බවත්, එම අතරමැදි වාර්තාව තවදුරටත් රහස්‍ය වාර්තාවක් ලෙස පවත්වාගෙන යන බවත් බැංකුව වැඩිදුරටත් පවසයි.
මෙම වංචාවේ වටිනාකම රුපියල් බිලියන 13.2 ක් ලෙස හඳුනාගෙන ඇතැයි NDB බැංකුව මීට පෙර අනාවරණය කර තිබුණි.

