දිවයිනට ආවේණිකවූ, දැනට පරිණත සතුන් 1,000 කට අඩු සංඛ්‍යාවක් වනයේ ඉතිරිව සිටින ශ්‍රී ලාංකික කොටියාගේ (Panthera pardus kotiya) පැවැත්ම, අද දැඩි අවධානමකට ලක්ව තිබේ. වාසස්ථාන අහිමි වීම, ගොදුරු හිඟවීම, මිනිසා විසින් අටවන උගුල් සහ පළිගැනීමේ අරමුණින් සිදුකරන ඝාතන නිසා මෙරට අග්‍රගන්‍ය විලෝපිකයා අවිනිශ්චිත අනාගතයකට මුහුණ දෙයි.
මෙරට වනජීවී ගහණයේ ප්‍රධානතම විශේෂයක් වන ශ්‍රී ලාංකික කොටියා ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති, පාරිසරික සංචාරක ව්‍යාපාරය සහ ජාතික ආර්ථිකයට අසමසම දායකත්වයක් සපයන බැවින්, එම සත්වයාගේ පැවැත්ම අතිශයෙන් වැදගත් වේ. කෙසේ නමුත්, මිනිස් - කොටි ගැටුම ඊට දැවැන්ත තර්ජනයක් එල්ල කරන අතර, අනාරක්ෂිත පශු සම්පත් සහ සුරතල් සතුන් විලෝපිකයාගේ ගොදුරු බවට පත්වීම, පළිගැනීමේ ඝාතනවලට තුඩු දෙයි. එය ග්‍රාමීය ප්‍රජාවන්, හදිසි ආරක්ෂක පියවරක් ලෙස නොදැනුවත්ව සිදුකරන්නක් වුවත්, එමගින් ජාතියේ වඩාත් අගනා සංකේතාත්මක වනජීවී විශේෂයක් ඛේදනීය ලෙස තුරන්වීමේ අවධානමක් ඇති කරයි. මෙම චක්‍ර බිඳ දැමීම සඳහා, ඛධඛක් හෝල්ඩිග්ස්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව මූල්‍ය සහායක (BIOFIN) සහ ශ්‍රී ලංකා වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) හා එක්ව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ, LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් හරහා පුරෝගාමී පශු සම්පත් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
මේ ආකාරයේ පළමු රක්ෂණාවරණය වන මෙමඟින් කොටින්ගේ ගොදුරු බවට පත් වීමෙන් පශු සම්පත් අහිමිවන ගොවීන්ට වන්දි ලබා දෙන අතර, පළිගැනීමේ අරමුණ ඉවත් කරන, සහජීවන පැවැත්ම සඳහා වූ ප්‍රායෝගික තිරසාර විසඳුමක් ලබාදේ. හිඟුරක්ගොඩ, සීගිරිය, මින්නේරිය සහ දඹුල්ල ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරෙන මෙහි නියමු ව්‍යාපෘතිය මගින් සතුන් 100 කට අඩු ගව රංචු සිටින ගොවීන් ඉලක්ක කර ගැනේ.
පශු සම්පත් විලෝපික ගොදුරු බවට පත්වීමේ තහවුරු කළ සිද්ධීන් රක්ෂණ හිමිකම් සඳහා සුදුසුකම් ලබන අතර, මෙමඟින් කොටින්ගේ පැවැත්මේ අනාගතය සුරක්ෂිත කරමින්, ගොවීන්ට කාලෝචිත සහනයක්ද පිරිනමයි.
මෙම සුවිශේෂී රක්ෂණාවරණය පසුගිය අගෝස්තු මාසයේ දියත් කිරීමේ අවස්ථාවට LOLC හෝල්ඩිංග්ස්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව මූල්‍ය වැඩසටහන (BIOFIN) යන ආයතනවල නියෝජිතයන් සහභාගී විය. එහිදී අදහස් දැක්වූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “අපේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ජීවනෝපායන් ඉදිරියට ගෙන යාම තරම්ම වැදගත් වේ. ශ්‍රී ලංකාව ප්‍රගතිය කරා ඉදිරියට ගමන් කිරීමේදී සංවර්ධනය සහ සංරක්ෂණය අතර පරීක්ෂාකාරී සමතුලිතතාවක් පවත්වාගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මෙම රක්ෂණ ක්‍රමය ගොවීන්ට සහාය වීමෙන් ඔබ්බට යමින්, සැබෑ ජාතික වස්තුවක් වන අපේ අග්‍රගණ්‍ය විලෝපිකයාගේ දිගුකාලීන පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා වූ අපේ කැපවීම පිළිබිඹු කරයි. වනජීවී සම්පතින් සපිරි අපේ වනාන්තර ඉදිරි පරම්පරාව සඳහා ආරක්ෂා කිරීම අප සෑම සියලු දෙනාට, සංවිධානවලට සහ සමස්ත ජාතියටම පැවරෙන වගකීමකි.”
මෙම රක්ෂණාවරණ වැඩසටහන ඉදිරියට යාමේදී නැතිවූ සතුන්ට ආදේශක සැපයීම සඳහා පශු සම්පත් ආදේශක මධ්‍යස්ථානයක් (Cattle Bank) පිහිටුවීම සහ රාත්‍රියේදී ගව රංචු ආරක්ෂා කිරීම සඳහා ගවකොටු ඉදිකිරීම ඇතුළු තවත් වැඩිදියුණු කිරීම් ඊට එක්කිරීමට අදහස් කෙරේ.
ශ්‍රී ලංකාවේ වන දිවියේ සංකේතයක් වන කොටියා ආරක්ෂා කිරීම සඳහා WNPS සහ LOLC 2022 වසරේ දියත් කරන ලද, ශ්‍රී ලංකා කොටියා සංරක්ෂණය කිරීමේ පස්වන ව්‍යාපෘතිය යටතේ, දිවයින පුරා විහිදුනු ප්‍රාදේශීය සක්‍රිය සංරක්ෂණ කලාප හයක් ස්ථාපිත කෙරිණ. මේ දක්වා රුපියල් මිලියන 10.6 ක් ආයෝජනය කර ඇති මෙම ව්‍යාපෘතියට ක්ෂේත්‍ර පර්යේෂණ, ප්‍රජා සහභාගීත්වය, උගුල් ඉවත් කිරීම සහ ජෛව විවිධත්ව ආරක්ෂා කිරීම ද ඇතුළත් වන අතර, එය ශ්‍රී ලංකාවේ කොටියා සංරක්ෂණ උදෙසා පෞද්ගලික අංශයේ අරමුදල් සපයන විශාලතම ප්‍රයත්නයක් ලෙස කැපී පෙනේ.