INSEE සිමෙන්ති, රටේ සැපයුම් දාම ක්ෂේත්‍රයේ පරිවර්තනයක් වෙනුවෙන්, සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) සමග උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. පසුගියදා කොළඹ පැවති උත්සවයකදී INSEE ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය සහ ISMM සභාපති ජයන්ත ගල්ලේහේවා යන මහත්වරු ආයතන දෙකෙහිම නියෝජිතයන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
ශ්‍රී ලංකාවේ සැපයුම් දාම ක්ෂේත්‍රයේ ප්‍රමිති ඉහළ නැංවීම ඉලක්ක කරමින්, අන්‍යෝන්‍ය වශයෙන් දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ සැලසෙන ක්‍රමවේදයක් මෙම සහයෝගීතාව මගින් ස්ථාපිත කෙරෙනු ඇත. සැපයුම් දාම කළමනාකරණ ක්ෂේත්‍රයට වඩාත් දක්ෂ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා කර්මාන්ත සහ අධ්‍යයන අංශ දෙක අතර පරතරය අවම කිරීමට ද මෙම හවුල්කාරිත්වය මගින් මූලික අවධානයක් යොමු කෙරේ.
“ශ්‍රී ලංකාවේ සැපයුම් දාම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඉහළ නැංවීමට උපායමාර්ගිකව එක්ව කටයුතු කිරීමෙන් ආයතන දෙකටම ප්‍රතිලාභ සැලසෙනවා. INSEE සතු පුළුල් කර්මාන්ත විශේෂඥතාව සහ මෙහෙයුම් පිළිබඳ දැනුම වගේම ISMM වෙතින් ලබා දෙන අධ්‍යාපනික දැනුම සහ විශේෂිත පුහුණු වැඩසටහන් යන ප්‍රතිලාභ සියල්ල මේ හවුල්කාරිත්වයෙන් ලැබීමේ අවස්ථාව උදා වෙනවා. සිසුන්ට සහ වෘත්තිකයන්ට වටිනා අවස්ථා නිර්මාණය කිරීමටත්, සැපයුම් දාම ක්ෂේත්‍රයේ වර්ධනය වන අවශ්‍යතා සපුරන්නටත් අපි කැපවීමෙන් යුතුව එක්ව කටයුතු කරන්නට සූදානම්,” යනුවෙන් INSEE සිමෙන්ති ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය මහතා සඳහන් කළේය.