Hayleys Aventura සමාගම නවAvery Weigh – Tronix අලෙවි සහ සේවා ශාඛාව කුරුණෑගලදී විවෘත කරයි




Hayleys සමූහයේ කාර්මික විසඳුම් අංශයේ හස්තය වන Hayleys Aventura දිවයින පුරා තම පැවැත්ම තහවුරු කිරිම සඳහා ව්‍යාපාර උදෙසා මෙන්ම තනි පුද්ගලයන්ට පවා ජාත්‍යන්තර මට්ටමේ කිරුම් විසඳුම්වලට පහසුවෙන් ප්‍රවේශවීමට මාර්ගය සකසාදීමේ පරමාර්ථය ඇතිව, එහි නව Avery Weigh Tronix  අලෙවි සහ සේවා ශාඛාව කුරුණෑගලදි විවෘත කළේය. 

සැපයුම්, කෘෂිකර්මාන්තය, සිල්ලර වෙළෙඳාම සහ නිෂ්පාදන යන ක්ෂේත්‍ර ඔස්සේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන කේන්ද්‍රස්ථානයක පිහිටා තිබෙන එම ශාඛාව සියලු‍ම කිරුම් මිනුම් අවශ්‍යතා සඳහා ගමනාන්තයක් ලෙස සේවය කරයි. අධිබර කිරන පාලම් තරාදි සහ කාර්මික පරිමාණයන්හි සිට සියුම් පරිමාණ දක්වා නිරවද්‍ය උපකරණ සහ පෞද්ගලිකව පරිහරනය කරන තරාදි මගින් පාරිභෝගිකයන් ට සුවිශේෂ මිනුම් පරාසයකට ප්‍රවේශයවිය හැකි අතර අලෙවියෙන් පසු සේවාව මෙන්ම සහතික කළ calibration සහයද ලැබේ. 

 “අඛණ්ඩ වර්ධනයක් පෙන්වන ආර්ථික මධ්‍යස්ථානයක් වන කුරුණෑගල නගරයේ, අප ගනුදෙනුකරුවන් වෙත අති නවීන තාක්ෂණය සහ විශ්වාසදායක සේවාව සමීප කරවීමට අප කැපවී සිටිමු.” යනුවෙන් Hayleys Aventura  හි කළමනාකාර අධ්‍යක්ෂ වසභ ජයසේකර මහතා පැවසීය. 

Avery Weigh - Tronix, A & D,  සහ CAS වැනි ගෝලීය වශයෙන් පිළිගත් සන්නාම සදහා නියෝජිතයකු ලෙස කටයුතු කරනHayleys Aventura, ශ්‍රී ලංකාව පුරා කර්මාන්තවලට සහ ප්‍රජාවට නිරවද්‍යතාවෙන් යුත් විසඳුම් ලබා දීමේ සේවය නොකඩවා කරමින් සිටියි.