භානුක අමරසිංහ
ලොව ප්‍රකට තාක්ෂණික සමාගමක් වන ගූගල් සමාගමේ කෘත්‍රිම බුද්ධි වේදිකාව වන Gemini AI ඇති විශේෂාංග සහ අනෙකුත් ප්‍රතිලාභ සියල්ලක්ම නොමිලේම මෙරට සිසුන් වෙත ලබාදීමට එම සමාගම එකඟ වී ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
එහි නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඊයේ දිනයේදී පැවැත්වුණු National AI Expo ප්‍රදර්ශනයේදී මේ පිළිබඳව පළමුවරට අනාවරණය කළේය. ඒ අනුව ඔක්තෝබර් මාසයේ මැද සිට ගූගල් සමාගම සිය Gemini AI පහසුකම නොමිලේම මෙරට සිසුන්ට ලබා දෙන බව සඳහන් වෙයි.
“මෙම පියවර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ගූගල් සමාගම අතර මාස ගණනක් තිස්සේ ගත් උත්සාහයක ප්‍රතිඵලයක්. මේ හරහා වඩාත් බලසම්පන්න කෘත්‍රිම බුද්ධි ටූලයන් නොමිලේම භාවිත කිරීමට අපගේ සිසුන්ට අවස්ථාව හිමි වේවි.” යනුවෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.