ඩිල්ෂාන් වීරසේකර - කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, First Capital Holdings PLC
රන්දිනිත් මදනායක - අලෙවි ප්‍රධානී, First Capital Holdings PLC
ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත සහ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමාගම, Brand Finance විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට නැවත වරක් ශේණිගත කර ඇත. ආයෝජන බැංකුකරණ අංශයේ ඉහළම සන්නාම ශේණිගත කිරීමෙන් (AA) සමාගම පිදුම් ලද අතර, එය සේවාදායකයන් සමාගම කෙරෙහි තබා ඇති ශක්තිමත් විශ්වාසය පෙන්නුම් කරයි.
මෙම ජයග්‍රහණය, පාරිභෝගික කේන්ද්‍රීය උපායමාර්ග සහ ඩිජිටල් නවෝත්පාදනය සඳහා First Capital හි කැපවීම අවධාරණය කරන අතර ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකුකරණ ක්ෂේත්‍රයේ First Capital හි නායකත්වය තවදුරටත් ශක්තිමත් කරයි. එය සමාගමේ ස්ථාවර කාර්ය සාධනය, නව්‍ය විසඳුම්, විනිවිදභාවය සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය තත්වය නංවාලීමේ අරමුණ ද පිළිබිඹු කරයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් First Capital සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී, ඩිල්ෂාන් වීරසේකර මහතා මෙසේ පැවසීය. “ආයෝජන බැංකුකරණයේ ඉහළම සන්නාම ශේණිගත කිරීම සමගින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට එක් වීමට අපට හැකිවූයේ අප සිදුකරන සෑම කටයුත්තක්ම ගනුදෙනුකරුවන් මූලික කරගෙන සිදුකරන නිසාවෙනි. අපගේ කණ්ඩායම ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා නිසි ලෙස තේරුම් ගෙන, ඒවාට සරිලන පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ගුණාත්මක බවින් ඉහළ මූල්‍ය සේවා රැසක් ලබාදීමට කටයුතු කරන අතරම ආයෝජන ක්‍රියාවලිය සරල හා වඩාත් ආකර්ෂණීය කිරීමට ඩිජිටල් නවෝත්පාදන ද භාවිත කරයි. මෙම ජයග්‍රහණය, සියලුම අවශ්‍යතාවලට සරිලන පහසුවෙන් ලබා ගත හැකි මූල්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම, පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට වර්ධනය සඳහා අවස්ථා ලබා දීම සහ නව්‍ය මූල්‍ය විසඳුම් හරහා දිගුකාලීන සමෘද්ධියට සහාය වෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නංවාලීම යන First Capital හි දැක්ම ද පිළිඹිබු කරනවා.”
First Capital සමාගමේ අලෙවි ප්‍රධානී රන්දිනිත් මදනායක මහතා අදහස් දක්වමින් මෙලෙස පවසා සිටියේය. “ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම අතරට නැවත වරක් එක් වීමට ලැබීම අපිට ආඩම්බරයක්. මෙය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට සමීපව සවන් දීම, ඒවාට ගැළපෙන විසඳුම් ලබාදීම සහ සෑම ආයෝජකයකුටම විශ්වාසයෙන් හා ධෛර්යෙන් කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමට අප අනුගමනය කළ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයේ ප්‍රතිඵලයකි. සියලුම ශ්‍රී ලාංකිකයන් සාර්ථක මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය දැනුමෙන් සහ මෙවලම්වලින් සන්නද්ධ කිරීමට අපි උත්සාහ කරන අතරම, ආයෝජන පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම ද අපගේ එක් ප්‍රමුඛතාවයක්ව පවතී. මෙම ජයග්‍රහණය, විශ්වාසය, ස්ථාවර කාර්ය සාධනය සහ සෑම අවස්ථාවකදීම වටිනාකමක් ලබා දීමට අපගේ ඇති කැපවීම මත ගොඩනැඟුණු First Capital සන්නාමයේ ශක්තිය හා විශ්වසනීයත්වය මනාවට කියාපානවා.”
ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීම් සහ උපායමාර්ග උපදේශන සමාගමක් වන Brand Finance UK හි අනුබද්ධිත Brand Finance Lanka විසින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කරන ලද අතර එහිදී ආයෝජනය, සන්නාම ශක්තිය සහ කාර්ය සාධනය මත පදනම් වූ විධිමත් ක්‍රමවේදයක් භාවිත කරමින් සන්නාම වාර්ෂිකව ඇගයීමට ලක් කෙරේ. සන්නාමයේ ශක්තිය හා කීර්තිය පිළිබඳ ස්වාධීන හා අපක්ෂපාතී ඇගයීමක් සහතික කරමින්, පුළුල් මූල්‍ය විශ්ලේෂණයන් සහ තෙවන පාර්ශවීය පාරිභෝගික අදහස් මගින් මෙම ශ්‍රේණිගත කිරීම් තවදුරටත් තහවුරු කරයි.