Euromoney Awards හිදී ශ්‍රී ලංකාවේ හොඳම ESG බැංකුව කිරුළ සම්පත් බැංකුවට


2025 Euromoney Awards for Excellence 2025 විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජයීය සහ පරිපාලනය (ESG) සඳහා හොඳම බැංකුව වශයෙන් සම්පත් බැංකුව ගෞරව බහුමානයට ලක්ව තිබේ. සිංගප්පූරුවේ දී උත්සවාකාරයෙන් පැවති මෙම සම්මාන උළෙලේදී, සිය මූලෝපාය සඳහා තිරසාරභාවය ඇතුළත් කිරීම සහ සියලු‍ම කොටස්කරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් එකතු කිරීම සම්බන්ධයෙන් සම්පත් බැංකුව, ගෝලීයව හා කලාපීය වශයෙන් පිළිගත් බැංකු සහ මුල්‍ය ආයතන සමූහයක් අතරට ස්ථානගත වීම එහිදී කැපී පෙනුණි. 

Euromoney විශිෂ්ටතා සම්මාන සඳහා ඉදිරිපත් කිරීමේ දී සම්පත් බැංකුව 2024 වසරේ සිට ප්‍රධාන තිරසාරත්ව සංධිස්ථාන කිහිපයක්ම ප්‍රදර්ශනය කර තිබුණි. එහිදී හරිත මුල්‍යකරණ වැඩසටහන ඔස්සේ බලශක්ති ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 1.44 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 4.78ක්) යෙදවීම, පිරිසිදු බලශක්ති ප්‍රවේශයක් සඳහා සූර්ය ණය සහන දියත් කිරීම සහ සේවකයන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 1,418 දෙනකු ESG පුහුණුව යටතේ සන්නද්ධ කිරීම යනාදිය ඊට ඇතුළත් විය. මෙම අභ්‍යන්තර මුලපිරීම් මගින් බැංකුවේ කාබන් පියසටහන සියයට 8 කින් අඩු කිරීමට සහ ශාඛා ජාලය හරහා සූර්ය බලශක්ති උත්පාදනය සියයට 36කින් වැඩි කිරීමට ද සම්පත් බැංකුව දායක විය. ඊට අමතරව සම්පත් බැංකුව අපද්‍රව්‍ය අවම කිරීමේ පිළිවෙත් සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් ප්ලාස්ටික් භාවිතය අඩු කිරීමේ අරමුණින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලෝහ ක්‍රෙඩිට් කාඩ්පත් ද හඳුන්වා දුන්නේ ය. 

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සම්පත් බැංකුවේ යෝජිත කළමනාකාර අධ්‍යක්ෂ සංජය ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.‘‘Euromoney විසින් ලංකාවේ හොඳමESG බැංකුව ලෙස පිළිගැනීමට ලක් කිරීම සම්පත් බැංකුවට අතිශය වැදගත් මොහොතක්. තිරසාරභාවය අපගේ ව්‍යාපාරයේ මූලිකාංගයක් බවට පත් කිරීමට සහ රටේ තිරසාරත්වය සඳහා දක්වන අඛණ්ඩ කැපවීම ද මෙම ජයග්‍රහණය ඔස්සේ පිළිඹිබු කෙරෙනවා. ආයතනික පරිපාලනය, හරිත මුල්‍යකරණය, නිෂ්පාදන නවෝත්පාදනය සහ ශක්‍යතා වර්ධනය සඳහා වූ අපගේ මුලපිරීම්, ලංකාවේ තිරසාරත්ව අනාගතයක් නිර්මාණය කිරීමෙහිලා සිදු කරන දීර්ඝකාලීන ආයෝජනයන්ය. අප ලද මෙම සම්මානය සම්පත් බැංකු කණ්ඩායම, සමඟ විශ්වාසයෙන් යුතුව අත්වැල් බැඳගෙන සිටින අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට, කොටස්කරුවන්ට හා අනෙකුත් පාර්ශ්වකරුවන්ට පිදෙන උපහාරයක් ද වෙනවා’’

සම්පත් බැංකුව විසින් ගොවි ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සම්ප්‍රදායික වාරි පද්ධති යළි ප්‍රතිසංස්කරණය කරනිවැවට ජීවයක්’, කොරල්පර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වනිසයුරට හුස්මක්’ මෙන්ම කැස්බෑ සංරක්ෂණය සහ කඩොලාන ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය ඇතුළු සම්පත් බැංකුවේ ප්‍රමුඛතම ආයතනික වගකීම් ව්‍යාපෘති රැසක් මෙම Euromoney සම්මානය දිනාගැනීමට ඉස්මතු වූයේ ය. එමෙන්ම පාසල් 88ක් ආවරණ වන පරිදි රුක් රෝපණය කිරීමේ වැඩසටහන සහ හරිත මුල්‍යකරණය සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කළ මුලපිරීම් ඔස්සේ තිරසාරභාවය සහ ESG ඒකාබද්ධ කිරීමට සම්පත් බැංකුව දක්වන නිරන්තර කැපවීම පෙන්නුම් කරනු ලබයි. 

විශිෂ්ටත්වය සඳහා වනEuromoney සම්මාන, මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ වඩාත් ගෞරවනීය සම්මානයන් අතරට එක් වේ.