භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත Dipped Products PLC සමාගම සහ එහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන DPL Premier Gloves සමාගම ඒකාබද්ධ කළ බව Dipped Products PLC සමාගම පවසයි.
පසුගිය අගෝස්තු 01 වැනිදා සිට මෙම ඒකාබද්ධවීම සිදුව තිබේ. මේ වසරේ අප්‍රේල් මාසයේදී Dipped Products PLC සමාගම පළමුවරට මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳව අනාවරණය කළේය. මෙම ඒකාබද්ධවීම සිය සමාගමේ මූල්‍ය තත්වය අතින් සහ මෙහෙයුම් අතින්ද ලාබදායක වනු ඇතැයි සමාගමේ අදහස වී තිබේ. මෙම Dipped Products PLC සමාගම හේලීස් සමූහයට අයත් සමාගමකි. ඒ යටතේ ස්ථාපිත කෙරුණු DPL Premier Gloves සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ පවත්වාගෙන ගිය සමාගමකි.