Dialog Finance වෙතින් Lesi Pay


පහසු ගෙවීමේ ක්‍රම සමගින් smartphone සඳහා සුවිශේෂී ඩිජිටල් මුල්‍ය සේවාවක්


ශ්‍රී ලංකාවේ Fintech ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Dialog Finance PLC සිය Lesi Pay සේවාවට නවතම විශේෂාංග තුනක් එක් කරමින්, ලංකාවේ ප්‍රථම වරට smartphone සඳහා පරිපූර්ණ මුල්‍ය සේවාවක් හඳුන්වා දී ඇත.

සෑම ශ්‍රී ලාංකිකයකු අතටම smartphone එකක් පත් කිරීමේ දැක්මෙන් යුතුව, නිෂ්පාදන හා සේවාවන් පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ලබාදෙමින්, සියලු‍ ශ්‍රී ලාංකිකයන්ට පහසුවෙන් භාවිත කළ හැකි මූල්‍ය විසඳුම් ලබාදෙමින් මෙවැනි නවෝත්පාදන සම්බන්ධව සිය කැපවීම තහවුරු කිරීමට Dialog Finance ආයතනයට හැකිවී ඇත.
Lesi Pay සේවාවේ නවතම විශේෂාංග මගින් genie App එක හරහා පාරිභෝගිකයන්ට පහසු වාරිකවලින් smartphone මිලදී ගැනීමට අවස්ථාව සලසන Lesi Pay, දැන් සාම්ප්‍රදායික ක්‍රමවේදවලට වඩා වෙනස්, සරල හා කාර්යක්ෂම පහසුකම් තුනකින් සමන්විත වේ. 
නිවසටම බෙදාහැරීමේ සේවාවෙන්), පහසු වාරික ගෙවීමේ ක්‍රමයට smartphone නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සලසා දෙයි. Smartphone Upgrade කිරීමේ වැඩසටහන, අඩු වියදමකින් නවීන මාදිලියකට යාවත්කාලීන කරගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලබාදෙයි. අත්‍යවශ්‍ය ආරක්ෂණ ක්‍රමවේදය උපාංගය සඳහා විශ්වාසදායක ආරක්ෂාවක් සහතික කරයි. 
මෙම සුවිශේෂී සේවා හරහා ක්‍රෙඩිට් කාඩ්, ඇපකරුවන් හෝ ලේඛන කටයුතු කිසිවක් නැතිව, smartphone එකක් මිලදීගැනීමට තිබෙන සාම්ප්‍රදායික බාධක ඉවත් කිරීමට Dialog Finance දරන උත්සාහය මැනවින් දැකගත හැකිය. පාරිභෝගිකයන්ට genie App එකෙන් තම සුදුසුකම් පරීක්ෂා කර, අවම මූලික ගෙවීමක් සිදු කර, මාස 18ක් දක්වා කිසිදු අමතර ගාස්තුවකින් තොරව පහසුවෙන් මේ සේවා ලබාගත හැකිය.