DIMO Agribusinesses විසින් දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තය හරහා සහ කෘෂිකර්මාන්තය තුළ වෘත්තීය උපදේශනය ප්‍රවර්ධනය කරමින් දේශීය ගොවි ප්‍රජාව කෘෂි ව්‍යවසායකයන් බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා ගොවි ප්‍රජාව මානසිකත්වය සකස් කිරීමට සහ ප්‍රායෝගික දැනුම ලබා දීමට DIMO Agribusinesses කටයුතු කරනු ලබයි. කෘෂිකර්මාන්තය, තිරසාර මෙන්ම ලාබදායී ව්‍යාපාරයක් බවට පත් කිරීමට මෙමගින් ගොවි ජනතාව සවිබල ගන්වන අතර ලංකාවේ කෘෂිකර්මාන්තයේ සැබෑ ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට මෙම ක්‍රියාවලිය බෙහෙවින් උපකාරී වේ.
මෙම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා, DIMO ආයතනයේ කෘෂි අංශය වන DIMO Agribusinesses එහි Agri Consultancy අංශය යටතේ වෘත්තීය සේවා මාලාවක් හඳුන්වා දී තිබේ. මෙම සේවා මගින් විශාල හා කුඩා පරිමාණයේ වගාකරුවන්ට තාක්ෂණික සහ උපදේශන සහාය ලබා දෙන අතර වගාවේ ඵලදායිතාවල ලාබදායිතාව සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. කෘෂි ව්‍යාපාරයේ ශක්‍යතා වාර්තා සැකසීම, උපායමාර්ගික ව්‍යාපාර සැලසුම් කිරීම, වගා කළමනාකරණ උපදේශන, වෙළෙඳපොළ සම්බන්ධතා සහ ඒ ආශ්‍රිත හැකියා වර්ධනය කිරීමේ වැඩසටහන් ඇතුළු සේවා රැසක් මේ ඔස්සේ පිරිනමයි. මෙම අංශය විසින් පොල් වැනි වගා සඳහා වතු කළමනාකරණ සේවා ද සපයන අතර එමගින් මුල සිටම ඵලදායී ලෙස වතු මෙහෙයුම් කටයුතු ස්ථාපිත කිරීම සහතික කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO Agribusinesses හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියංග දෙමටව මහතා මෙසේ ප්‍රකාශ කළේය. “දත්ත මත පදනම් වූ දැනුම භාවිත කිරීම DIMO හි කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහනේ මූලික අංගයක්. උදාහරණයක් ලෙස, අපගේ අභ්‍යන්තර රසායනාගාර පහසුකම් හරහා, සමාගම විසින් පස ආශ්‍රිත පරීක්ෂණ සේවා සපයනු ලබනවා. ඒ තුළින් පොහොර නිර්දේශ, පළිබෝධක හා රෝග කළමනාකරණ උපාය මාර්ග සහ සමස්ත ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා පදනම සකස් කර ඇති අතර වඩාත් විද්‍යාත්මක හා කාර්යක්ෂම ගොවිතැන් ක්‍රමවේද සඳහා සහාය දක්වනවා.”
නවීන තාක්ෂණික විසඳුම් මගින් නිවැරදි ලෙස කෘෂිකර්මාන්තය දියුණු කිරීම කෙරෙහි ද DIMO සිය අවධානය යොමු කර ඇත. ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ කෘෂි පොහොර යෙදීම මෙන්ම බීජ ව්‍යාප්තිය සිදු කිරීම ද ඒ සඳහා කදිම නිදසුනකි. මෙම සේවා, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, නාස්තිය අවම කිරීම සහ බෝගවල ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා උපකාරී වේ. මීට අමතරව භූගෝලීය පරිසරයට සහ දේශගුණික තත්වයට ගැලපෙන ක්ෂුද්‍ර වාරිමාර්ග විසඳුම් ද DIMO සමාගම විසින් හඳුන්වා දී ඇත. තේ සහ පොල් වැනි ඍතුමය වර්ෂාපතනයක් පදනම් කරගත් වගා ආශ්‍රිතව අස්වැන්න වැඩිකර ගැනීම කෙරෙහි මෙම ක්‍රමවේදය ඉතා වැදගත් වේ. මෙම ක්‍රමවේදය තවදුරටත් නව්‍ය තාක්ෂණය සමග මුසු කරමින් DIMO විසින් ජල මාර්ග ඔස්සේම පොහොර යෙදීම සඳහා ජලයේ දියවන පොහොර (water-soluble fertilizers) ද හඳුන්වා දී තිබෙන අතර වඩාත් පහසුවෙන් කාර්යක්ෂමව වගා කටයුතු කළමනාකරණය කිරීමේ පහසුකම් ඒ ඔස්සේ සලසා දී ඇත. මෙම දියුණු පහසුකම් ඔස්සේ වගා කටයුතු සම්බන්ධයෙන් පවතින අවදානම අවම කරමින් කෘෂි ව්‍යවසායකත්වය කෙරෙහි ගොවි ජනතාව දිරි ගන්වයි.
දේශීය බැංකු, සංවර්ධන ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන සමග හවුල්කාරිත්වයන් ගොඩනගා ගනිමින් මෙම නව්‍ය තාක්ෂණය දැරිය හැකි පහසු මිලකට ගොවි ජනතාව වෙත පිරිනැමීමට DIMO Agribusinesses පියවර ගෙන තිබෙනවා. මෙම පහසුකම් හරහා නව්‍ය තාක්ෂණය භාවිත කිරීම සඳහා දැරීමට සිදුවන මූල්‍ය බර අවම කර, කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීමට ගොවි ජනතාවට උපකාරී වී තිබෙනවා. ප්‍රති මිලදී ගැනීමේ ඇප (buy-back guarantees) නිෂ්පාදන ණය සහ උපකරණ මූල්‍යකරණය වැනි ක්‍රමවේද මගින් කෘෂිකර්මාන්තය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම කෙරෙහි විශ්වාසයක් ගොවීන් තුළ ගොඩනැගීමට හැකි වෙනවා,” යනුවෙන් දෙමටව මහතා තවදුරටත් සඳහන් කළේය.
DIMO Agribusinesses හි දිගුකාලීන දැක්මේ තවත් එක් අංගයක් ලෙස කුසලතා සංවර්ධනය සහ අධ්‍යාපනය සඳහා වැඩි ආයෝජනයක් කිරීමට ද සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල මෙන්ම වෘත්තීය ආයතන සමග සහයෝගීතාව වර්ධනය කරගනිමින් කෘෂිකර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන තරුණ තරුණියන් සඳහා ප්‍රායෝගික පුහුණුවල සීමාවාසික පුහුණුව සහ පර්යේෂණ කටයුතුවල නියැලීමේ අවස්ථාව ලබාදීමට DIMO Agribusinesses කටයුතු කරයි.