ලෝක මෝටර් රථ කර්මාන්තය වේගයෙන් විදුලි වාහන (EV) වෙත යොමු වෙමින් සිටින සමයක, විශේෂිත තාක්ෂණික දැනුම සහ විශ්වාසනීය aftersales සේවා සඳහා ඇති අවශ්‍යතාව වඩාත් වැදගත් වී ඇත. මෙම පසුබිම යටතේ, ලංකාවේ Mercedes-Benz රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO තම පාරිභෝගිකයන්ට ගෝලීය මට්ටමේ සේවා අත්දැකීමක් ලබාදීමේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, මෑතකදී Mercedes-Benz Flying Doctor Service Clinic 2026 2026 සංවිධානය කළේය.
Mercedes-Benz AG විසින් පුහුණු කරන ලද විශේෂඥයකු වන ෆිසියාන් චිට්බන්චොන්ගේ මහතාගේ නායකත්වයෙන් පැවැත්වූ මෙම Flying Doctor Service Clinic හරහා පාරිභෝගිකයන්ට උසස් තාක්ෂණික දැනුම සහ නිරවද්‍ය දෝෂ හඳුනාගැනීමේ පහසුකම් සෘජුවම ලබා දෙනු ලැබීය. මෙම වැඩසටහන මගින්, පාරිභෝගිකයන්ට factory-level විශේෂඥයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණි.
මෙම වැඩසටහන තුළ, නියමිත වේලාව යටතේ පැවැත්වූ එක් එක් පුද්ගලයන් සඳහා වූ තාක්ෂණික උපදේශන, සම්පූර්ණ වාහන පරීක්ෂණ හරහා පුද්ගලිකකරණය කළ සේවා අත්දැකීමක් ලබා දෙන ලදී. මෙය ලංකාව තුළ “The Home for Mercedes-Benz” ලෙස DIMO සතු අධිකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරයි.
2026 වසරේ දී මෙම වැඩසටහනේ විශේෂත්වය වූයේ Mercedes-Benz EQ විදුලි වාහන සඳහාම වූ සුවිශේෂී අවධානයයි. මෙය DIMO විසින් පළමු වරට පවත්වන ලද, EQ මෝටර් රථ සඳහාම වෙන් වූ Flying Doctor Service Clinic එක ලෙස හැඳින්විය හැකිය. මෙය, දේශීය වශයෙන් වැඩිවෙන විදුලි වාහන භාවිතයත්, ගෝලීය වශයෙන් තිරසාර ගමනාගමනය කෙරෙහි ප්‍රවණතාවත් සැලකිල්ලට ගත් කාලෝචිත පියවරක් විය. විදුලි වාහනවල තාක්ෂණික සංකීර්ණතාව ඉහළ බැවින්, මෘදුකාංග මත පදනම් වූ විශ්ලේෂණ, විශේෂිත රෝග විනිශ්චය සහ බැටරි කළමනාකරණ දැනුම අවශ්‍ය වේ. මෙම වැඩසටහන හරහා, DIMO විසින් Mercedes-Benz වාහනවල කාර්ය සාධනය, ආරක්ෂාව සහ දීර්ඝ ආයු කාලය ආරක්ෂා කිරීම සඳහා නිවැරදි තාක්ෂණික සහාය ලබා දී ඇත.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින්, DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය. “විදුලි වාහන යනු ඩ්‍රයිව්ට්‍රේන් (drivetrain) තාක්ෂණයේ වෙනසක් පමණක් නොවේ. වාහන නිර්මාණය, නඩත්තුව සහ භාවිතයම වෙනස් කරන මූලික පරිවර්තනයක්. Flying Doctor Service Clinic වැනි වැඩසටහන් හරහා, අපි පාරිභෝගිකයන්ට ඉහළම තාක්ෂණික සහාය ලබාදීමට කැපවී සිටිනවා.”
මෙම වැඩසටහන හරහා, පාරිභෝගිකයන්ට Mercedes-Benz AG හි ගෝලීය විශේෂඥයකු සමග සෘජුව සම්බන්ධ වීමට ලැබුණු අවස්ථාව, පාරිභෝගිකයන් විසින් විශාල වශයෙන් අගය කරන ලදී. පුද්ගලික අවධානය, පැහැදිලි උපදෙස් සහ Flying Doctor කණ්ඩායමේ වෘත්තීයමය සේවාව මගින්, DIMO හි සේවා පිළිබඳ විශ්වාසය තවදුරටත් ශක්තිමත් විය. තවද DIMO හි සේවා නිර්දේශ කිරීමට පාරිභෝගිකයන් දැක්වූ දැඩි කැමැත්තෙන් ඔවුන් DIMO කෙරෙහි දක්වන දිගුකාලීන පක්ෂපාතීත්වය පිළිබිඹු විය.
එසේම, විවිධ EQ වාහන මාදිලිවල තාක්ෂණික ගැටලු හඳුනාගෙන ඒවා විසඳා ගැනීමට ද මෙම වැඩසටහන හරහා හැකි විය. එය වාහනයේ ක්‍රියාකාරීත්වය, ආරක්ෂාව සහ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමට ද උපකාරී විය. මෙහි සුවිශේෂීම දෙය වූයේ තම වාහනවලට නිෂ්පාදක මට්ටමේ විශේෂඥ සහාය ලැබෙන බවට ඇති දැඩි විශ්වාසයෙන්, පාරිභෝගිකයන් පිටව යාමයි.

