DFCC බැංකුව, එහි 70 වැනි සංවත්සරයට සමගාමීව ලංකාවේ කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යවසාය සඳහා විශේෂිතව සැලසුම් කළ DFCC Business Investment Planner ආයෝජන සැලසුම හඳුන්වා දී ඇත. මෙම ආයෝජන සැලසුම, ණය හෝ කෙටිකාලීන මූල්‍ය පහසුකම් මත යැපීමකින් තොරව, ව්‍යාපාරවලට ස්ථාවර ප්‍රාග්ධනයක් ගොඩනඟා ගැනීමට උපකාරී වේ.
DFCC Business Investment Planner ආයෝජන සැලසුම තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමිති සහ සමාගම් සහ රාජ්‍ය ආයතනවලට ආරම්භ කළ හැකිය. මෙම සැලසුම වසර 2 සිට 15 දක්වා කාලයකට අවශ්‍ය පරිදි සලසා ගත හැකි අතර ස්ථාවර මාසික මුදල් වාරික සමග සියයට 9ක සහතික කළ පොලී අනුපාතයක් (වා.ස.පො. 9.38%) පිරිනමන අතරම ශ්‍රී ලංකා රුපියල් හෝ විදේශ මුදල්වලින්ද ආරම්භ කළ හැකිවේ.
මෙම DFCC Business Investment Planner මූල්‍ය සැලසුම වඩාත් ප්‍රායෝගික මූල්‍ය ඉතුරුම් මෙවලමක් ලෙස ක්‍රියාකරන අතර, ව්‍යාපාර සංවර්ධනය, ප්‍රාග්ධන වත්කම් වැඩිදියුණු කරගැනීම හෝ ණය රහිතව සංචිත ගොඩනඟාගැනීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන් සඳහා සුවිශේෂි වේ. සෑම ආයෝජන සැලැස්මක්ම DFCC ඉතුරුම් හෝ ජංගම ගිණුමකට සම්බන්ධ වන අතර, ස්වයංක්‍රීය මාසික ගෙවීම් පහසුව සඳහා දින 28ක කාල සීමාවක්ද ගනුදෙනුකරුවන්ට ලබාදී තිබේ.
DFCC Busine DFCC ss Investment Planner ආයෝජන සැලසුම හඳුන්වාදීමෙන් DFCC බැංකුවේ තිරසාර, පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණ දැක්ම පිළිබිඹු වන අතර, ව්‍යවසායකයන්ට ඔවුන්ගේ දිගුකාලීන සාර්ථකත්වය සඳහා විශ්වාසයෙන් යුතුව සිය ආයෝජන සිදු කිරීමටද අවස්ථාව සලසන අතරම ශ්‍රී ලංකීය ආර්ථිකයේ ප්‍රධාන අංශයක් වන ව්‍යාපාර සඳහා සහය දැක්වීමට DFCC බැංකුව දරණ අපේක්ෂාව ද මෙමගින් තහවුරු වේ.