ගෝලීය ව්‍යාප්තියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමක්
විදේශගත ලාංකිකයන් සඳහා වඩාත් ශක්තිමත් මූල්‍ය සබඳතා ගොඩනැගීමේ අරමුණින්, DFCC බැංකුව ජපානයේ Ceylon Remittances සමග නව විදේශ මුදල් ප්‍රේෂණ සේවා හවුල්කාරීත්වයකට එළඹී ඇත.
මෙම සේවාවේ සමාරම්භක අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ජගත් රාමණායක මහත්වරු සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයෝ සහභාගී වූහ. ඒ සඳහා DFCC බැංකුව නියෝජනය කරමින්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ විදේශීය බැංකුකරණ සේවා හා මුදල් ප්‍රේෂණ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී ඇන්ටන් අරුමුගම් භාණ්ඩාගාර, සේවා ආයෝජන සහ ඒ ආශ්‍රිත බැංකුකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රින්ස් පෙරේරා යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.
DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ විදේශීය බැංකුකරණ සේවා හා මුදල් ප්‍රේෂණ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී ඇන්ටන් අරුමුගම් මහතා හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “විදේශ මුදල් ප්‍රේෂණ යනු මුදල් හුවමාරුවකට එහා ගිය දෙයක්. ඒවා විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන්ගේ පවුල් නඩත්තු කරන අතරම මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමටද දායක වෙනවා.
මෙම වැඩසටහනDFCC බැංකුවේ ගෝලීය මුදල් ල්‍රේෂණ ජාලය පුළුල් කරන අතර, ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වයට හා වර්ධනයට දායක වන ආරක්ෂිත මුදල් ප්‍රවාහයන්ට පහසුකම් සැලසීමට DFCC දක්වන කැපවීම මනාව පෙන්නුම් කරයි.