අලෙවිකරණ, මාධ‍්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේ අනාගතය සක්‍රීයව හැඩගස්වන පළපුරුදු නායකයන්ගෙන් සමන්විත Campaign Asia-Pacific හි “50 Over Fifty 2026” ලැයිස්තුවට තේරී පත් වූ එකම ශ්‍රී ලාංකිකයා ලෙස MullenLowe Group Sri Lanka හි විධායක සභාපති තයලන් බාට්ලට් මහතා නම් කර ඇත.
මෙම ලැයිස්තුවෙන්, වෘත්තීය අත්දැකීම්, ව්‍යවසායකත්ව දැනුම, මග පෙන්වීම සහ පාලන හැකියාව සමග ක්ෂේත්‍රයට දිගුකාලීන දායකත්වයක් ලබා දී ඇති නායකයන් ඇගයීමට ලක් කරයි.
2026 ලැයිස්තුව සඳහා Asia-Pacific කලාපයේ අලෙවිකරණ ක්ෂේත්‍ර 11ක් ආවරණය කරමින් පුද්ගලයින් 37 දෙනකු ඇතුළත් කර ගෙන ඇති අතර, තයලන් මහතාගේ ඇතුළත් කිරීමත් සමග, ඔහු කලාපයේ වඩාත් ගෞරවනීයම වෘත්තීය නායකයන් කිහිප දෙනා අතරට එක් විය. ඒ සඳහා APAC, Landor හි සභාපති Lulu Raghavan, Data x Intelligence APAC, Edelman හි විධායක උප සභාපති Gabor Koska, Omnicom Media Australia හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Geoff Clarke, Microsoft Advertising හි කලාපීය උප සභාපති Nick Seckold සහ PHD Media හි කළමනාකාර අධ්‍යක්ෂ Amanda Palenski වැනි ප්‍රවීණයෝ ද ඇතුළත්ව සිටිති.
දශක තුනකට අධික කාලයක් පුරාවට තයලන් මහතා, නිර්මාණාත්මක, මාධ්‍ය උපායමාර්ගික, ඩිජිටල් සහ ඒකාබද්ධ ව්‍යාපාර පරිවර්තනයට නායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ අලෙවිකරණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වැදගත් කාර්යභාර්ය රැසක් ඉටු කර තිබේ. MullenLowe Group Sri Lanka හි විධායක සභාපතිවරයා ලෙස, ඔහු නිර්මාණශීලීත්වය, මුල්‍ය විනය, දත්ත, තාක්ෂණය සහ මානව හැකියාව වටා ගොඩනැගි ඇති ව්‍යුහය තුළ බහුවිධ සන්නිවේදන කණ්ඩායමක් නිර්මාණය කිරීමට දක්වන ලද දායකත්වය අතිශය වැදගත් වේ.
කොවිඩ් වසංගතය, ස්වෛරී ණය අර්බුදය සහ දැවැන්ත ආර්ථික අස්ථාවරත්වයන් පැවති පසුගිය කාල වකවානුව තුළ පවා ඔහුගේ නායකත්ව හැකියාව විශේෂයෙන් කැපී පෙනුණි. Campaign Asia-Pacific විසින් පළ කරන ලද විශේෂාංගයේ සඳහන් වන පරිදි එවන් අසීරුතම අවස්ථා මධ්‍යයේ වුව ද, MullenLowe Sri Lanka සමූහයේ අඛණ්ඩ වර්ධනයක් අත්පත් කර ගනිමින්, ආයතනික ව්‍යුහය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ඔහු දැක්වූ දායකත්වය සුවිශාලය.
එමෙන්ම ඔහු අනාගත පරම්පරාවේ නායකත්ව කුසලතා ඔප් නැංවීම සඳහා උපදේශන හා මගපෙන්වීම් ලබා දීමටත්, ඉලක්කගත අභිලාෂ සහ ව්‍යවසායී චින්තනය මත පදනම් වූ සංස්කෘතියක් ගොඩනැංවීමටත් අඛණ්ඩව කැප වී සිටියි.
ඔහුට මෙම පිළිගැනීම හිමිවන්නේ, කෘත්‍රිම බුද්ධිය, පාරිභෝගික චර්යාවන් වෙනස්වීම් සහ සන්නිවේදන වේදිකා අකර්මණ්‍ය වීම් හේතුවෙන් සමස්ත සන්නිවේදන ක්ෂේත්‍රයම ඉතා වේගයෙන් පරිවර්තනය වන අවදියකදී ය. එවන් පසුබිමක අනාගත අනුවර්තනයන්ට හැඩ ගැසෙමින්, දූරදර්ශී අයුරින් ආයතනික ව්‍යුහයන් ගොඩනැගීමට සමත් වූ ඔහුගේ පළපුරුදු නායකත්වය මෙමගින් වඩාත් ඉස්මතු කෙරේ.
තරුණ පරපුරට පමණක් අවධානය යොමු කරමින් පැවති දිගුකාලීන ප්‍රවණතාවට අභියෝගයක් ලෙස ආරම්භ කරන ලද Campaign Asia-Pacific හි “50 Over Fifty” මුලපිරීම හරහා වයස අවුරුදු පනහ ඉක්මවා සිටින නමුත්, අලෙවිකරණ, සන්නිවේදන සහ නිර්මාණාත්මක ක්ෂේත්‍රවල අනාගතය හැඩගස්වන කර්මාන්ත නායකයන් අගයනු ලබයි.

