ABC Aqua වෙතින් ලාංකිකයන්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්


ශ්‍රී ලංකාව වර්තමානය වන විට මුහුණ දෙන අභියෝගාත්මක තත්ව රැසක් අතරින් පිරිසුදු පානීය ජලය සොයාගැනීමේ අසීරුතාව, අපවිත්‍ර ජලය පවිත්‍රකරණය සහ පාරිසරික තිරසාරභාවය රැකගැනීම මූලිකත්වයක් ගනී. ජාතියක් වශයෙන් පිරිසුදු සහ හරිතවත් අනාගතයක් කරා ගමන් කරමින් සිටින මෙවන් අවධියක ABC Trade & Investment (Pvt) Ltd හි අංශයක් වන Aqua Science, ජලය පිරිපහදු කිරීම, ගෘහස්ථ අපජලය පිරිපහදු කිරීම, SMART ජල කළමනාකරණය, වායු පිරිපහදු කිරීම සහ පාරිසරික තිරසාරභාවය යන ක්ෂේත්‍ර වෙත අති නවීන විසඳුම් ලබාදෙමින් කර්මාන්තයේ ප්‍රමුඛයකු බවට පත්ව තිබේ.

වසර 20කට අධික අත්දැකීම් සහිත ABC Aqua Science, විශ්වසනීයත්වය සහ විශේෂඥතාව පිළිබඳව කීර්තියක් උසුලන සමාගමකි. ලොව පිළිගත් නිෂ්පාදකයන් සහ දක්ෂ කණ්ඩායමක සහාය ඇතිව ජල පිරිපහදු කිරීමේ සහ අපජල කළමනාකරණ ව්‍යාපෘති අති සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමාගම කටයුතු කරයි. මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) ලියාපදිංචි පරිසර උපදේශකයකු, ජල සම්පාදන හා අපජල ක්ෂේත්‍රයේ CIDA වර්ගීකරණයේ C4 ශ්‍රේණියේ කොන්ත්‍රාත්කරුවකු සහ NCASL සහ GBCSL හි සාඩම්බර සාමාජිකයකු ද වන ABC Aqua Science, ගුණාත්මක සහ විශ්වසනීය සේවයක් ලබාදෙමින් කර්මාන්තය තුළ ඉහළින් වැජඹේ.

අද වන විට, ABC Aqua Science ගෘහස්ථ හා කාර්මික ජල පිරිපහදු ව්‍යාපෘති 9,000 කට අධික සංඛ්‍යාවක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. මේ අතරින්, මහා පරිමාණ ජල සැපයුම් සහ අපජල ව්‍යාපෘති 100 ක් පමණ සුවිශේෂ යටිතල පහසුකම් යටතේ ක්‍රියාත්මක කරන ලද ඒවා විය. තවද සමාගම විසින් ප්‍රජා ජල සැපයුම් ව්‍යාපෘති 20ක් පමණ සම්පුර්ණ කර ඇති අතර, එමඟින් අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජනතාවට පිරිසුදු ජලය ලබාගැනීමේ හැකියාව ඉහළ නැංවීමට සමාගමට හැකිව තිබේ.

මහා පරිමාණ වාණිජ හා කාර්මික ව්‍යාපෘතිවලට අමතරව, සමාජයීය වගකීම් කෙරෙහිද අවධානය යොමු කරන ABC Aqua Science ග්‍රාමීය ප්‍රජාවට පිරිසුදු හා ආරක්ෂිත පානීය ජලය ලබාගත හැකි සමාජ සේවා ව්‍යාපෘති 130 කට අධික සංඛ්‍යාවක් සාර්ථකව අවසන් කොට තිබේ. මේතුළින් ව්‍යාපාර සහ සමාජය යන දෙකටම ප්‍රතිලාභ ලබා දෙන තිරසාර විසඳුම් නිර්මාණය කිරීමේ සමාගම් මෙහෙවර තවදුරටත් ශක්තිමත් කෙරේ.

ABC Trade & Investments (Pvt) Ltd හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ Aqua Science අංශ ප්‍රධානී අමල්රාජා ජයසීලන් මහතා පැවසුවේ, “ABC Aqua Science අපි විශ්වාස කරන්නේ, ජලය සහ පරිසරය ආශ්‍රිත තිරසාර විසඳුම් සමෘද්ධිමත් සමාජයක පදනම වන බවයි.”‍ යනුවෙනි.