2030 දී සංචාරකයන් ලක්ෂ 50ක් පිළිගැනීමට සැරසෙයි


චතුමාලි විජේරත්න


2030 වසරේදී සංචාරකයන් ලක්ෂ 50ක් පිළිගැනීමට සමෘද්ධිලාභී පවුල්වල තරුණ තරුණියන් පුහුණු කිරීමේ  ‘සත්කාරයේ ශ්‍රමසේනා ජාතික වැඩ සටහන’ පසුගියදා ආරම්භ විණි.

සංචාරක කේෂ්ත්‍රයේ රැකියා ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලාංකික සත්කාර සහ හෝටල් කේෂ්ත්‍රයේ බහුවිධ කුසලතා සහිත ශ්‍රම නියමුවන් 20,000ක් නිර්මාණය කිරීම මෙම වැඩ සටහනේ අරමුණ වී ඇත. මෙම පුහුණුව අවසානයේදී සිසු සිසුවියන්ට NVQ 3 මට්ටමට අදාළ සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.