2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සණස ලයිෆ් නිල රක්ෂණ අනුග්‍රාහකත්වය


25 වැනි වරටත් සංවිධාන කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනට නිල රක්ෂණ සහකරු ලෙස අනුග්‍රාහකත්වය සැපයීමට මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කළ අතර ජනතාව තුළ අධ්‍යාපනය සහ දැනුම වර්ධනය කරමින් ප්‍රජා සංවර්ධනයට සහාය වීම සඳහා සණස ලයිෆ් රක්ෂණ සමාගමේ කැපවීම මෙම සහයෝගිතාව හරහා පිළිබිඹු වේ. මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය නාමයක් ගොඩ නගා ගෙන ඇති සණස ලයිෆ් රක්ෂණ සමාගම ආර්ථික, සාමාජීය හා පාරිසරික වශයෙන් රටේ සංවර්ධනය සඳහා දායක වන සමාගමක් ලෙස ජාතිකමය වශයෙන් වැදගත් වන මෙවැනි වැඩසටහන් සඳහා නිරන්තරයෙන් සිය දායකත්වය සපයයි.

මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් සණස ලයිෆ් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නුවන්ප්‍රිය ගුණවර්ධන මහතා: ”‍ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ලොකු පොඩි සියලු‍ම පාඨකයන් අතර ජනප්‍රිය සාහිත්‍ය අංගයක් විදියට අපි හඳුනා ගෙන තිබෙනවා. මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලාංකික පාඨකයන්, ලේඛකයන්, පොත් ප්‍රකාශකයන්, සිසු සිසුවියන් සහ දැනුම සොයා යන්නන් ආදී වශයෙන් විවිධ තරාතිරම්වල පුද්ගලයන් එක් රැස් වන වාර්ෂික උත්සවයක් ලෙස හඳුන්වා දිය හැකියි. සණස ලයිෆ් රක්ෂණ සමාගම ශ්‍රී ලාංකික ජනතාවගේ හදගැස්ම හොඳින් හඳුනන, ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් සහිත සමාගමක්. මෙම සහයෝගිතාව හරහා සණස ලයිෆ් ආරක්ෂාව තහවුරු කිරීමට වාගේම ජනතාවගේ දැනුම වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙවැනි ජාතික වැඩසටහන්වලට ඉදිරියේදීත් අපගේ පූර්ණ සහයෝගය දක්වනවා. පොත් අපට ආලෝකය කරා ගමන් කිරීමට මඟ පෙන්වනවා. ජීවිතයේ අවදානම අවම කරමින් විශ්වාසයෙන් යුතුව ජීවිතය සොයා යාමට සණස ලයිෆ් රක්ෂණ සමාගම ශ්‍රී ලාංකික ජනතාවට සහයෝගය දක්වනවා. මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සාර්ථකත්වය සඳහා සුබ පැතීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”‍ යනුවෙන් පැවසීය.