විශ්වසනීයත්වයෙන් යුත් නිරවද්‍ය දත්ත අඛණ්ඩව ඉදිරිපත්කිරීම සහ විනයකින් යුතුව දත්ත මෙහෙයවීමේ විශිෂ්ටත්වය උදෙසා LOLC ෆිනෑන්ස් පීඑල්සී 2025 වාර්ෂික ප්‍රධාන විධායක නිලධාරී සංසදය සහ ආයතනිකෙණිගත කිරීමේ සම්මාන ප්‍රදානයේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. “දත්ත කළමනාකරණය සහ අනුකූලතාව” කාණ්ඩය යටතේ මිලියනය (1,000,000) සහ ඊට වැඩි දත්ත ගොණුකිරීම් සඳහා වූ රන් සම්මානය LOLC ෆිනෑන්ස් වෙත හිමිවිය. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) මගින් සංවිධානය කළ මෙම උත්සවය සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද සහභාගී විය.
බැංකු සහ බැංකු නොවන මූල්‍ය සේවා යන අංශ දෙකෙහිම නාමයෝජනා ඇගයීමට ලක්කෙරෙන මෙම ගෞරවනීය සම්මානය ජයග්‍රහණය කිරීම දත්ත සම්පූර්ණත්වය සහ විශිෂ්ටත්වය උදෙසා ඛධඛක් ෆිනෑන්ස් හි අනගිභවනීය කැපවීමට සාක්ෂි දරයි. ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI) ලෙස LOLC ෆිනෑන්ස් ක්ෂේත්‍රයේ වඩාත්ම පුළුල්, ශක්තිමත් සහ ඉහළ ප්‍රමිතියේ පාරිභෝගික දත්ත ගබඩාවක් සාර්ථක ලෙස කළමනාකරණය කරමින් පවත්වාගෙන යයි. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) වෙත ඉන් දත්ත මිලියනයකට අධික සංඛ්‍යාවක් ගොණු කර ඇති අතර, ඒ සෑම දත්තයක්ම නිරවද්‍යතාවෙන් සහ කාලානුරූප බවින් ඉහළ ප්‍රමිතීන්ට අනුකූල වේ.
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් දත්ත ප්‍රමාණය, නියමිත කාලය තුළ ඉදිරිපත් කිරීම, දත්තවල නිරවද්‍යතාව සහ සමස්ත අනුකූලතා භාවිතය යන නිර්ණායක පදනම් කර ගනිමින්, සහභාගිවන්නන් ඇගයීමට ලක් කරන ලදී. LOLC ෆිනෑන්ස්හි ක්‍රියාකාරිත්වය සියලු අංශවල අපේක්ෂා ඉක්මවා ගිය අතර දත්ත ගොණු කිරීම් කාණ්ඩයේ ඉහළම සම්මානය දිනාගනිමින් එය තහවුරු කර තිබේ.
මෙම කිර්තිමත් සම්මානය පිළිබඳව අදහස් දැක්වූ LOLC ෆිනෑන්ස් පීඑල්සී සභාපති කොන්රඩ් ඩයස් මහතා මෙසේ පැවසීය. “මෙම රන් සම්මානය වගකීම් සහිත මූල්‍ය සේවාවක හදවත බඳු දත්ත පාලනයේ විශිෂ්ටත්වය උදෙසා අපගේ අඛණ්ඩ උත්සාහය යළි තහවුරු කරයි. ඩිජිටල් ලෙස විකාශනය වන ආර්ථිකයක් තුළ දත්ත යනු මෙහෙයුම් අවශ්‍යතාවක් පමණක් නොව උපායමාර්ගික වත්කමකි. ඒසා විශාල දත්ත ප්‍රමාණයක් ගුණාත්මකභාවයෙන් යුක්තව පවත්වාගත හැකි බව LOLC ෆිනෑන්ස් පෙන්නුම් කර තිබේ. එම සෑම තොරතුරක්ම හොඳ ණය ඇගයීමකට සහාය වන අන්දමින් මූල්‍ය පරිසරය තුල විශ්වාසය පෝෂණය කරන ලෙස අපගේ පද්ධති නිර්මාණය කර තිබේ. මෙම පිළිගැනීම මඟින් අපගේ අභ්‍යන්තර පද්ධතිවල ශක්තිය, LOLC ප්‍රජාව සහ දිගුකාලිනව මුල් බැසගත් අනුකූලතා සංස්කෘතිය හුවා දක්වයි. ණය තොරතුරු කාර්යාංශයේ ප්‍රමිතීන්ට අපේ තිරසාර කැපවීම, කාලානුරුප හා නිවැරදි දත්ත ණය සඳහා සුදුසුකම් ලැබීම සඳහා වැදගත් වන බව අවබෝධ කරගැනීමක් පමණක් නොවේ, එය මිලියන සංඛ්‍යාත පිරිසකගේ මූල්‍ය සුරක්ෂිතතාව වටහා ගැනීමකි. මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමාණය මෙන්ම නිරවද්‍යභාවය පිළිබඳ මිණුම් සලකුණු සැකසීමට හැකිවීම ගැන අපි සාඩම්බරයට පත්වෙමු. කර්මාන්තයේ ප්‍රමිති අඛණ්ඩව ඉහළ නැංවීම උදෙසා ආයතන හඳුනාගෙන ඒවා සවිබලගැන්වීම සඳහා මෙවැනි පිළිගැනීම් සංවිධාන කිරීම සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට අතිශයෙන් කෘතඥ වෙමු”
ඉදිරියේදී කෘත්‍රීම බුද්ධි (AI) තාක්ෂණය සහ උසස් විශ්ලේෂණ ක්‍රම යොදාගැනීම මෙන්ම නියාමන සහ දත්ත කළමනාකරණ අංශයන්හි කාර්ය මණ්ඩලවල කුසලතා වර්ධනය ඇතුළු පියවරවලින් සිය දත්ත පද්ධති තවදුරටත් වැඩිදියුණු කිරීම LOLC ෆිනෑන්ස්හි අරමුණයි.
සෑම ගනුදෙනුකරුවකුගේම දත්ත වාර්තා අලුත්, අනුකූල සහ අදාළ වන ලෙසින්, අභ්‍යන්තර මූලලේඛනය ශක්තිමත් කිරීමේ සැලසුම් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. එය LOLCෆිනෑන්ස් හි ණය පිළිබඳ තීරණවලට සහායක් පමණක් නොව, සමස්ත කර්මාන්තයේ ණය ඇගයීමේ ප්‍රමිති ඉහළ නැංවීමේ පියවරකි.
මෙම උත්සවය 2025 ජුනි 6 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඕක් රූම් හිදී ‘දත්ත ක්‍රියාකාරීවේ - වෙනස ඉදිරියට’ (Data in Action – Change in Motion) යන තේමාව යටතේ පැවැත්විණි.