2025 ICRT ඉන්දියානු උපමහාද්වීප සංචාරක සම්මාන උළෙලේදී ‌හෙරිටන්ස් කණ්ඩලම හෝටලය රනින් පිදුම් ලබයි



කාබන් පරිසරයට මුදා හැරීම අඩු කිරීම සහ සංචාරක යටිතල පහසුකම්, ප්‍රජාව සහ පරිසර පද්ධතියට, දේශගුණයට අදාළ අවදානම්වලින් ආරක්ෂා කිරීමට ක්‍රියාශීලී කැපවීම මෙන්ම තව දුරටත් නව්‍ය ක්‍රම පියවර හරහා වගකිවයුතු සංචාරක ව්‍යාපාරයට ලබා දුන් කැපී පෙනෙන දායකත්වය අගය කිරීමක්.

නොබෝදා නවදිල්ලියේ පැවැති ICRT  ඉන්දියානු උපමහාද්වීප තිරසර සංචාරක සම්මාන උළෙලේදී, වගකිව යුතු සංචාරක‌ ව්‍යාපාරයක් වෙනුවෙන් දේශගුණික අනුවර්තනය සහ ඔරොත්තු දීමේ කාණ්ඩය යට‌තේ හෙරිටන්ස් කණ්ඩලම හෝටලය රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙය ඔවුන් විසින් සිදු කරනු ලැබූ කාබන් පරිසරයට මුදා හැරීම අඩු කිරීම සහ සංචාරක යටිතල පහසුකම්, ප්‍රජාව සහ පරිසර පද්ධතියට, දේශගුණයට අදාළ අවදානම්වලින් ආරක්ෂා කිරීමට ක්‍රියාශීලී කැපවීම මෙන්ම තව දුරටත් නව්‍ය ක්‍රම පියවර හරහා වගකිවයුතු සංචාරක ව්‍යාපාරයට ලබා දුන් කැපී පෙනෙන දායකත්වය අගය කිරීමක් ලෙස පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ සහ කලාපයේ සංචාරක ව්‍යාපාරයේ අනාගතයට ආදර්ශවත් මාවතක් මෙමගින් විවර කර දීම තවත් සුවිශේෂත්වයකි.

 ICRT සම්මාන උළෙල විශේෂයෙන් ම වගකිව යුතු සංචාරක‌ ව්‍යාපාරයක් වෙනුවෙන් දේශගුණික අනුවර්තනය සහ ඔරොත්තු දීමේ කාණ්ඩය යට‌තේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා කලාපයේ ප්‍රමුඛතම වේදිකාවක් ලෙස නම්දරයි. සෑම වසරකම මෙම සම්මාන උළෙලෙන් නවෝත්පාදනය, වගකිවයුතු සංචාරක ව්‍යාපාරයක් සඳහා දිගුකාලීන කැපවීම පෙන්නුම් කරන සංවිධාන ගෞරව ඇගයුමට ලක් කරනු ලබයි. මෙම රන් සම්මානය දිනා ගැනීමෙන් හෙරිටන්ස් කණ්ඩලම හෝටලය ඉන්දියානු උපමහාද්වීපයේ තිරසර සංචාරක ක්ෂේත්‍රයේ පුරෝගාමී විශිෂ්ටයන් අතරට එක් විය.

ලොව ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද හෙරිටන්ස් කණ්ඩලම හෝටලය, ගත සිත නිවාලන අයුරින් සොබාදහම සමග බැඳී පැවතීම සංචාරක ආකර්ෂණය දිනාගැනීමට ප්‍රධාන හේතු සාධකයකි. මෙහි ආරම්භයේ සිට උසස් අපද්‍රව්‍ය කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්ති භාවිතයන් මෙන්ම ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ජල සංරක්ෂණය දක්වා නව්‍ය තිරසාර මුලපිරීම් ලොවට හඳුන්වා දී ඇත.

Aitken Spence Hotel Holdings PLC හි සභාපතිනි ස්ටෂානි ජයවර්ධන මහත්මිය මේ අවස්ථාවේ සිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. “මෙම ගෞරවනීය රන් සම්මානය ලැබීම අපගේ ආචාර ධර්ම ඇගයීමට ලක් කිරීමක්. මෙම ඇගයීම අප නිවැරදි මාර්ගයේ සිටින බව තහවුරු කරන අතර සංචාරක ව්‍යාපාරය තුළ කාබන් ඉවත් කිරීමේ සහ දේශගුණයට අනුවර්තන විසඳුම් සංවර්ධනය කිරීමේ ප්‍රගතිය වෙනුවෙන් අපව ඇගයුමට ලක් කිරීමකි.” දශක ගණනාවක් පුරා හෙරිටන්ස් කණ්ඩලම හෝටලය සිය පාරිසරික කැපවීම සඳහා ඇගයුම් ලබා ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පරිසරය ආරක්ෂා කිරීම සඳහා සිය කැපවීම තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ දිගු කා‍ලයක් අඛණ්ඩව ම ISO 14001 සහතිකය ලත් පාරිසරික කළමනාකරණ පද්ධතිය ලෙස මෙම හෝටලය අභිමානයට පාත්‍ර වී ඇත. සම්මාන සහ සහතික රාශියකට අමතරව, ගෝලීය තිරසර සංචාරක කවුන්සිලය (GSTC)) විසින් පිළිගත් නවාතැන් සඳහා වූ ගෞරවනීය Travelife රන් සහතිකය ද මෙයට හිමි වී ඇත. සංචාරක ව්‍යාපාරය තුළ කාබන් ඉවත් කිරීමේ සහ දේශගුණයට අනුවර්තන විසඳුම් සංවර්ධනය කිරීමේ ප්‍රගතිය වෙනුවෙන් ප්‍රදානය කරන ලදී.

අක්කර 211 ක පුළුල් වනාන්තර ප්‍රදේශයක් රක්ෂිතයක් ලෙස සංරක්ෂණය කරනු ලබන හෙරිටන්ස් හෝටලය ස්වදේශික ශාක විශේෂ 128 ක් මෙන්ම පක්ෂි විශේෂ 183 ක්, සමනල විශේෂ 64 ක් සහ බොහෝ ක්ෂීරපායින් සහ උරගයින් ඇතුළු විචිත්‍රවත් වනජීවී ප්‍රජාවක් ක්‍රියාකාරීව ආරක්ෂා කරනු ලබයි. එහි පාරිසරික භාරකාරත්වයට සමානව, හෙරිටන්ස් කණ්ඩලම හෝටලය දේශීය ප්‍රජාවට අත්‍යවශ්‍ය මෙහෙවරක් ඉ‌ටු කරලීමට කැප වී සිටින අතර, කිලෝමීටර් 20 ක් තුළ සිටින සියයට 60 කට වැඩි පිරිසකගෙන් නිෂ්පාදන ලබා ගනිමින් සහ සේවා කටයුතුවල යොදවමින් ඔවුන්ගේ පවුල් සහ ජීවිත ද සංවර්ධනය කරනු ලබයි.

මෙම රන් සම්මානය හෙරිටන්ස් කණ්ඩලම හෝටලයෙහි දිගුකාලීන ජයග්‍රහණ තහවුරු කිරීම පමණක් නොව, වගකිවයුතු සංචාරක ව්‍යාපාරයකට අවශ්‍ය තිරසර ඉදිරි ගමන සඳහා අඛණ්ඩ කැපවීම ද තහවුරු කරයි. මෙහි දැක්ම තුළ ඇති ජාත්‍යන්තර තලයේ ආගන්තුක සත්කාර සහ පරිසරය වෙනුවෙන් තිරසර කැපවීම යන කරුණුවලින් සංචාරකයන් සහ සංචාරක කර්මාන්තය යන දෙපිරිසටම ඵලදායී ආශ්වාදයක් ළඟා කර දෙයි.