සමස්ත ලංකා ජූඩෝ රන් පදක්කම කිනුරිට


(එච්. එම්.හේරත්)

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ජූඩෝ තරගාවලියේ දී මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ කිනුරි අබේකෝන් ක්‍රිඩිකාව වයස අවුරුදු 20න් පහළ බාලිකා තරග අංශයෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ කිලෝ ග්‍රෑම් 44 බර පංතිය නියෝජනය කරමින් කිනුරි මෙම දක්ෂතාවය දැක්වීමට සමත් වූ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද ඇය පිදුම් ලැබීය. මෙම තරගාවලිය  පසුගිය දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.