ජාතික පාසල් කරාතේ වලින් මොනරාගල මහානාමයට ලෝකඩ පදක්කම් තුනක්


(කේෂර ගුණතිලක) 

ජාතික පාසල් කරාතේ තරඟාවලිය සැප්තැම්බර් 12,13 සහ 14 යන දිනයන්හිදී බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

එහිදී ප්‍රථම වතාවට ඌව පළාතට කරාතේ කුමිතේ බාලක ඉසව්වේ ලෝකඩ පදක්කම් සහ ඌව පළාතට හිමි ලෝකඩ පදක්කම් පහෙන් තුනක් මොනරාගල මහනාම ජාතික පාසලට හිමිවී ඇත. 

සෙතුම් හසරල් ක්‍රීඩකයා 16න් පහළ බාලක කුමිතේ 57 Kg අඩු බර පන්තියේ ලෝකඩ පදක්කමක්ද,ශේමින්ද ජයනිඳු ක්‍රීඩකයා 18න් පහළ බාලක කුමිතේ 50 Kg අඩු බරපන්තියේ ලෝකඩ පදක්කමද,කණ්ඩායම් කුමිතේ ඉසව්වෙන් ඉදිරිපත්වූ ශේමින්ද ජයනිඳු,කුසල් දිනුජය, කවිශ්ක දිල්ශාන් ක්‍රීඩකයින් ලෝකඩ පදක්කමද මෙසේ හිමිකරගෙන තිබේ.

මහානාම ජාතික පාසලේ විදුහල්පති සනත් ප්‍රභාත් ගම්ලත් මහතාගේ මඟ පෙන්වීම මත ක්‍රීඩා ගුරු උපදේශක චන්දිම ජීවන් මහතා කණ්ඩායම පුහුණු කර ඇත.