
(ජනුර් කිචිලන්)
සමස්ත ලංකා ජෝන්ටාබට් කනිෂ්ඨ මළල ක‍්‍රීඩා තරගාවලියේදී මීටර් 80 කඩුලු පැනීමේ නව තරඟ වාර්තාවක් තබමින් කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ ලක්‍ෂා සඳලි ශිෂ්‍යාව රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වූ අතර මීටර් 100 තරගයේ දී තෙවන ස්ථානය හිමි කර ගන්නා ලදී.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධිත පාසල් මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කළ මෙම කනිෂ්ඨ මළල ක‍්‍රීඩා තරගාවලිය ඇඹිලිපිටිය මහවැලි ක‍්‍රීඩාංගණයේ දී ඉකුත්දා පැවැත්විණි.
ලක්‍ෂා සඳලි ශිෂ්‍යාව 2025 වර්ෂයේ සමස්ත ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා තරගවලදී මීටර් 100 කඩලූ නව තරග වාර්තාවක් තබා ඇති අතර මීටර් 300 තරගයෙන් ද රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ බවත් වයඹ පළාත් වයස අවුරුදු 16 න් පහළ දක්ෂතම ක‍්‍රීඩිකාව හා තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස ජයග‍්‍රහණයන් හිමි කර ගත් බවත් ක‍්‍රීඩා පිටියක් සහ කඩුලූ නොමැතිව මහත් දුෂ්කරතා මධ්‍යයේ පුහුණුවීම් කටයුතු කර මෙසේ දක්ෂකම් දැක්වූ බව පුහුණුකරු දමින්ද බණ්ඩාර මහතා පැවසීය.

