(වසන්ත චන්ද්‍රපාල)
උහන කණිෂ්ඨ විදුහලේන් මෙවට පහවසර ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන් 159 දෙනකු අතරින් සිසුන් 100 විශෂ්ට ලෙස සමත්ව ඇතැයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂික එච්.ආර්. හසන්ති මහත්මිය කීවාය.
මෙවර ශිෂ්‍යත්වය සඳහා උහන කණිෂ්ඨ විදුහලින් සිසුන් 159 දෙනක පෙනී සිට ඇති අතර ඉන් මෙම දරුවන් 100 දෙනා සමත්වු බව උහන කණිෂ්ඨ විදුහලේ විදුහල්පති එස්.ජී.රත්නසිංහ මහතා පැවසිය.
මෙම විදුහලේ පහ වසර පන්ති හතරක් පැවැත්වෙන අතර සිසුන්ට අධ්‍යාපනය ලබාදීමේදි වැඩි පීඩනයක් නොදි කරගෙන යෑම නිසා මෙම උසස් ප්‍රතිඵල ගත හැකිවු බවද සදහන් කළේය.
පහ වසරට ඉගැන්වු ගුරුවරුන් මෙන්ම එක දෙක තුන වසරවල ඉගැන්වු ගුරුවරුන් ද මෙම ජයග්‍රහණයට හිමිකරුවන් බවද පැවසිය.
මේ සදහා අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලැබුන සහය ඉතා අගය කරන අතර මව්පියන්ගෙන් ලැබුන සහයද ගෞරවයෙන් සිහිපත් කළ යුතු බවද විදුහල්පතිවරයා සදහන් කළේය.