අලවතුගොඩ මැදි විදුහලේ සිසු නයුවෝ දිවරුති


(මහේෂ් කිර්තිරත්න)

අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ 2023 වසරේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැළදවිම පසුගියදා එම විද්‍යාලයේදි සිදු කෙරිණි.

විදුහල්පතිනි එච්.එම්.එන්.ආර් ජයරත්න මහත්මියගේ උපදෙස් පරිදි ශීෂ්‍ය නායක මණ්ඩලය  මෙම කටයුතු සංවිධානය කර තිබු අතර ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස චතුරංග රත්නායක සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ලෙස බුද්ධිමා විජේසුන්දර, උප ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස දම්සර නෙළුම්දෙණිය.උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා ලෙස සයුරි බණ්ඩාර යන සිසු සිසුවියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

මෙම අවස්ථාවට ශිෂ්‍ය නායක කමිටුව නියෝජණය කරමින් ආර්.හුලංගමුව,ජේ වික්‍රමසිංහ,සහකාර විදුහල්පති එස්.ඒ පි පුෂ්පකුමාරි,එස්.බි විජේසුන්ද යන ගුරු භවතුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.