IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


ට්‍රම්ප් ඇමෙරිකන් හමුදා ආපසු කැඳවයි

චිකාගෝ, ලොස් ඇන්ජලීස් සහ පෝට්ලන්ඩ් යන නගරවලට යවා තිබූ ‘නැෂනල් ගාඩ්’ හමුදා බලඇණි ආපසු ගෙන්වා ගන්නා බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇත.

ට්‍රම්ප්ගේ අණ පරිදි චිකාගෝ, ලොස් ඇන්ජලීස් සහ පෝට්ලන්ඩ් යන නගරවලට හමුදාව යැවීම සිදු කළේ අපරාධ මැඩලීමටය. එම කටයුතු සාර්ථක බවත්, අපරාධ සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බවත් ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

මෙම නගරවල අපරාධ යළි හිස ඔසවන්නේ නම්, වහාම හමුදාව කැඳවීමට තමන් පසුබට නොවන බව ද ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත. මෙම නගරවල හමුදා රැඳවීමට ට්‍රම්ප් නියෝග කිරීම, ජනපද ආණ්ඩුකාරවරුන්ගේ දැඩි විරෝධයට හේතුවක් විය. ඔවුහු ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග පවා අනුගමනය කළහ.

පසුගිය සතියේ ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය, චිකාගෝ නගරයේ හමුදා රැඳවීම අත්හිටුවීමටද තීරණය කෙරුණි.

ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයන් චෝදනා කරන්නේ ට්‍රම්ප් පාලනය විසින් දේශපාලන වාසි තකා නගර හමුදාකරණයට ලක් කළ බවත්, සාමකාමී විරෝධතා මර්දනය කිරීමට හමුදාව යොදාගත් බවත්ය.

ට්‍රම්ප්, හමුදා ඉවත් කර ගැනීමට නියෝග කළේ නීතිමය වශයෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ ගත් තීරණයක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

ට්‍රම්ප් ඇමෙරිකන් හමුදා ආපසු කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site