IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


විගණකාධිපති තනතුර: ආයතන විස්සකින් ජනපතිට රතු එළි

සුජිත් හේවාජුලිගේ

විගණකාධිපති තනතුර වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු දෙස් විදෙස් ආයතන  විස්සකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපතිවරයාට පෞද්ගලිකවම  ලිපි යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.

විගණකාධිපති තනතුර මෙසේ දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවතීමෙන් රටේ මූල්‍ය විනය සහ ස්වාධීනත්වය තහවුරු කිරීමේ  ප්‍රයත්නයට බරපතළ තර්ජනයක් මතුවන බව එම සංවිධාන පෙන්වාදී ඇත. එසේම විගණකාධිපති තනතුරේ ගැටලු‍ව පිළිබඳව තානාපති කාර්යාල කිහිපයක ද විශේෂ අවධානය යොමුවී තිබේ.

මේ අතර වසර තිහකට වැඩි සේවා කාලයක් ඇති තමාට එරෙහිව කිසියම් චෝදනාවක් ඇත්නම් පෙන්වන ලෙස විගණකාධිපති තනතුරේ  මෑතක් වන තුරුම වැඩ බැලූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල රජයෙන් පසුගියදා ඉල්ලීමක් කර ඇත. කෙසේ වෙතත් මේ දක්වාම රජය ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තාවේ.

මේ අතර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන අධිකාරිවරයකු ලෙස සේවය කර අතිරේක ලේකම්වරයකු ලෙස රජයේ ඉහළම ස්ථානයකට පත්ව ගිය අයකු මෙම තනතුර පිරවීමට එරෙහිව කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන බව විගණන අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු නම් හතරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා වරින්වර ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මාස අටක් තිස්සේ විගණකාධිපතිවරයකු නොමැති වීම හේතුවෙන් විගණන වාර්තා ඉදිරිපත් කිරීම මෙන්ම විගණන විමසුම් කිරීමද අඩපණව ඇත.

 



අදහස් (0)

විගණකාධිපති තනතුර: ආයතන විස්සකින් ජනපතිට රතු එළි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site