IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


මාදිවෙල මන්ත්‍රී නිවාස වායු සමීකරණය කරන්නැයි ඉල්ලීමක් - සලකා බැලීම ලබන වසරේ

සුජිත් හේවාජුලිගේ

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස හැකි ඉක්මනින් වායු සමීකරණය කර දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් මෑතකදී ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් දැඩි මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මේ වසරේ කටයුතු කිරීම අපහසු බවත් ලබන වසරේදී ඒ ගැන සලකා බලන බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 112ක් පමණ පවතී. එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන්ගෙන් 70කට වැඩි පිරිසක් ජාතික ජන බලවේගයේ අය වෙති.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව මන්ත්‍රී නිල නිවාස ටයිල් කිරීම සහ ජනෙල් රෙදි සවිකිරීම මේ දිනවල කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව පැවති සමයේදී සමහර මන්ත්‍රීවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල සිය පෞද්ගලික වියදමින් වායු සමීකරණ යන්ත්‍ර සවි කරගෙන සිටි බව වාර්තාවේ.

 



අදහස් (0)

මාදිවෙල මන්ත්‍රී නිවාස වායු සමීකරණය කරන්නැයි ඉල්ලීමක් - සලකා බැලීම ලබන වසරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site