IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


නායගිය තැන් ස්ථාවර කරන්න විදෙස් සහාය ඉල්ලයි

උපුල් වික්‍රමසිංහ

නාය යෑමට ලක් වූ ස්ථාන 1241 න් ස්ථාවර කළ හැකි ස්ථාන ස්ථාවර කිරීමට ගත යුතු තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා ජපානය, අැමෙරිකාව, ඉතාලිය, ඉන්දියාව, චීනය, හොංකොං ඇතුළු රටවල් ගණනාවකින් ඉල්ලීම් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්​යේෂණ සංවිධානය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය මගින් අදාළ ඉල්ලීම් කර ඇති බවත් එම රටවලින් තාක්ෂණික සහාය පතන්නේ නාය යෑමට ලක්වූ ස්ථාන ස්ථාවර කිරීමට අදාළ දිගුකාලීන විසඳුම් ලබා ගැනීමට බවත් එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන ඉරිදා ලංකාදීපයට කීවේය.

මේ වනවිටත් ඉතාලිය, ප්‍රංශය සහ චීනය යන රටවලින් විශේෂඥ කණ්ඩායම් රටට පැමිණ මූලික අධ්‍යයන කටයුතු සිදු කර ඇති බව හෙතෙම සඳහන් කළේ ය.

උඩරට දුම්රිය මාර්ගයේ නාය යෑමට ලක්වූ තැන් සිය ආයතනයේ විද්‍යාඥයන් විසින් පරීක්ෂා කරනු ලැබ ඒවාට අදාළ මූලික වාර්තා ලබා දී ඇති බව ද දුම්රිය මාර්ගය ඉදිකරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය හා දුම්රිය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති බව ද කී ඔහු මේ දක්වා කළ අධ්‍යයනවලින් එම දුම්රිය මාර්ගයේ කිසිදු ස්ථානයක් නැවත පිළිසකර කළ නොහැකි බව දන්වා නැති බවත් පවතින දුම්රිය මාර්ගය එලෙසම යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහ කරන බවත් ප්‍රකාශ කළේය.

ආපදාවෙන් නාය යෑමට ලක් වූ ස්ථාන 1241 න් ඉවත් කළ යුතු පවුල් කොපමණ ප්‍රමාණයක් සිටින්නේ ද යන්න ගැන මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ සඳහා ආයතනයේ කණ්ඩායම් 45 ක් නුවර, බදුල්ල, මාතලේ, නුවරඑළිය, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක හයකට යොදවා ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා හෙළි කළේ ය.

“නාය යෑම්වලට ලක්වූ ප්‍රදේශවල සමහර ගෙවල් විනාශ වෙලා තියෙනවා. තව සමහර ගෙවල් විනාශ වෙලා නැතත් ඒවායේ පැළුම් මතුවෙලා තියෙන නිසා ඒ අයත් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ යුතුයි. මේ සියලු දේවල් ගැන ඒ කණ්ඩායම් 45 විසින් අධ්‍යයනය කරමින් ඉන්නවා” ඔහු වැඩිදුරටත් කීවේ ය.

 



අදහස් (0)

නායගිය තැන් ස්ථාවර කරන්න විදෙස් සහාය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site