IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


ඖෂධ ප්‍රමිතිය මනින්න ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් ඕනෑ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

නිරෝෂාන් ප්‍රේමරත්න 

සෑම වසරකම ආනයනය කරනු ලබන ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු අවස්ථා 90 - 100ක් පමණ වාර්තා වන නිසා හැකි ඉක්මනින් ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් ස්ථාපිත කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සහ සහකාර ලේකම් චමිල් විජේසිංහ පවසයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

“රටට ගෙන්වන ඖෂධවල ප්‍රමිතිය අවස්ථා කිහිපයකදී පරීක්ෂාවට ලක් කළ යුතුයි. ඒ අනුව මූලිකවම ගෙන්වන ඖෂධ තොගය පරීක්ෂාවට ලක්විය යුතු අතර අනතුරුව රෝහල්වලට හෝ වෙළඳපොළට මුදාහැරීමට පෙර පරීක්ෂාවට ලක්විය යුතුයි. එසේම ඖෂධයේ ගැටලුවක්, අහිතකර සංකූලතාවක් මතු වුවහොත් හොත් එම ඖෂධ යළිත් පරීක්ෂාවට ලක්විය යුතුයි. ලංකාවට ගෙන්වන ඖෂධ සියල්ලම සම්බන්ධයෙන් මේ පරීක්ෂාව සිදුවිය යුතුයි.

1993 දී පිහිටුවන ලද ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු රසායනාගාරයෙහි මෙම පරීක්ෂාව සිදු කළත් එම සියලු පරීක්ෂා කිරීම් සඳහා එහි පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ඔය කියන අවස්ථා සියල්ලන් තුළම පරීක්ෂා කරන්නත් බැහැ. මේ නිසා රටට ගෙන්වන ඖෂධවල ප්‍රමිතිය තහවුරු කරන ක්‍රමවේදය ගැන ගැටලුවක් තිබෙනවා.

මේ නිසා තමයි කාලීනව ගැටලු වාර්තා වෙන්නෙ. සෑම වසරකම අවස්ථා 90 -100ක පමණ ප්‍රමිතිය බාලවීමේ අවස්ථා වාර්තා වෙනවා. ඖෂධ ප්‍රවාහනයේදී මෙන්ම ගබඩා කිරීමේදීත් ප්‍රමිතිය සම්බන්ධව ගැටලු මතුවෙන්න පුළුවන්.

රටට ප්‍රමිතිගත ඖෂධ අඛණ්ඩව සැපයිය යුතු නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. ඒම ප්‍රමිතිය තහවුරු කිරීමට නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් හා නිර්නායකයන්ට අනුකූල වුණු ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව රසායානාගාරයක් රට ඇතුළෙ ස්ථාපිත කරන්න ඕනෑ. මේක වසර ගණනාවක් තිස්සේ අපේ තිබෙන ඉල්ලීමක්. විටින් විට මේ සම්බන්ධව සාකච්ඡා මතුවුණත් ඒක සිද්ධවෙන ආකාරයක් දකින්න නැහැ. මෙවර අයවැයේ ප්‍රතිපත්ති තීරණයක් ලෙසවත් එය එළියට ඇවිත් නැහැ. මෙය මේ මොහොතේ රටේ අවශ්‍යතාවක්. අරමුදල් සම්බන්ධව ගැටලුවක් තිබෙනවා යැයි සිතිය නොහැකියි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මේ වෙනුවෙන් අවශ්‍ය අරමුදල් තිබෙනවා. 

මෙම විද්‍යාගාර එක රැයින් ඉදි කළ නොහැකි නිසා එය ස්ථාපිත වන තෙක් මෙරට විශ්වවිද්‍යාල හා පෞද්ගලික අංශය සතු විද්‍යාගාර හා රසායනාගාර ඒකඟතාවකට අනුව තාවකාලිකව භාවිත කළ හැකියි.

මීට වසර කිහිපයකට මේ සඳහා නාරාහේන්පිට ඉඩමක් පවා වෙන්කිරීමේ උත්සාහයක් තිබුණත් ඒ කටයුත්ත එතැනින් එහාට ගියේ නැහැ. මේ නිසයි මීට අවශ්‍ය මැදිහත්වීම සිදුකර ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් ආරම්භ කළ යුත්තේ.”



අදහස් (0)

ඖෂධ ප්‍රමිතිය මනින්න ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් ඕනෑ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site