IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


යුක්රේන යුද්ධය දිනන්න පුළුවන් - පුටින්

අවුරුදු උදාවත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමැතුවේය. යුක්රේනය සමඟ යුද්ධය ජයග්‍රාහී අයුරින් අවසන් කළ හැකි වේවි යැයි තමන් විශ්වාස කරන බව, රුසියන් ජනාධිපතිවරයා සිය නව අවුරුදු පණිවුඩය හරහා පැවැසීය.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ‘නේටෝ’ යනු ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවාගත් යුද සන්ධානයයි.

යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව රුසියාවේ විශ්වාසයයි. රුසියාව 2022 වසරේ සිට, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගනය කර ඇත්තේ ඒ නිසාය. 

මේ වනවිට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට සාම සැලැස්මක් සකස් කර ඇත. ඊට යුක්රේනය සංශෝධන ද ඉදිරිපත් කර ඇත. ඇමෙරිකන් ජනධිපති ට්‍රම්ප්, පසුගිය දා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී සටන් විරාමය සම්බන්ධයෙන් සහ සාම සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ට්‍රම්ප් සහ පුටින් අතරේ ද දුරකතන කතාබහක් පැවැත්විණි.

මේ අතර, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී  යුක්රේන වැසියන් අමතමින් පවසා ඇත්තේ, යුක්රේන රජය ‘ඕනෑම කොන්දේසියක් මත’ සාමය පිළි නොගන්නා බවත්, යුක්රේනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ඕනෑම කොන්දේසියකට කැමැති වන බවත්ය. 



අදහස් (1)

යුක්රේන යුද්ධය දිනන්න පුළුවන් - පුටින්

Nihal Dharmatileke Thursday, 01 January 2026 02:40 PM

යුද්ධය වෙලේ ජයග්‍රාහකයෝ නෑ. සෑම කෙනෙක්ම පරාජිතයෙක්...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site