IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


ජපන් අගමැතිනියට වැසිකිළි ප්‍රශ්නයක්

ජපානයේ පළමු කාන්තා අගමැතිනී සත්සුකි කටයාමා, පාර්ගිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ඒ, පුරුෂ ආධිපත්‍ය රජයන ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තාවන්ට වැඩිපුර වැසිකිලි අවශ්‍ය බව පෙන්වා දෙමිනි.

පසුගිය මැතිවරණයෙන් පසු, ජපන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ ගොස් ඇතැයි ද අගමැතිනී සත්සුකි කටයාමා සිය පෙත්සම හරහා පෙන්වා දී ඇතැයි ජපන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එම පෙත්සමට අග්‍රාමාත්‍යවරිය ඇතුළු මන්ත්‍රීවරියන් 60 කට ආසන්න පිරිසක් අස්සන් කර ඇතැයිද පැවැසෙයි.

ජපන්පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කාන්තා වැසිකිලි ඇත්තේ දෙකක් පමණි. පහළ මන්ත්‍රී මණ්ඩලයේ සමස්ත මන්ත්‍රීවරියන් ගණන 73 ක් යැයි පැවැසෙයි.

ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සාදා නිම කරන ලද්දේ 1936 වසරේදීය. ඒ, දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමෙන් පසු 1945 දෙසැම්බර් මාසයේදී කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබීමට දශකයකට පමණ පෙරය.

ජපානයේ ‘යොමියුරි ෂිම්බුන්’ පුවත්පතට අනුව, පහළ මන්ත්‍රී මණ්ඩල ගොඩනැගිල්ල පුරා පිරිමින් සඳහා වැසිකිළි 12 ක් ඇති අතර, කාන්තාවන් සඳහා ඇත්තේ වැසිකිළි 9 ක් පමණි.

 



අදහස් (1)

ජපන් අගමැතිනියට වැසිකිළි ප්‍රශ්නයක්

ජිල්බු Thursday, 01 January 2026 01:17 PM

තව කාන්තා වැසිකිලි තුනක් හදල කාන්තාවන්ට සමතැන ලබාදෙනු!

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site