
ප්‍රතිභා පූර්ණ කලාකරුවකු වූ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අද අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 84 වැනි වියේ පසුවිය.
ප්‍රවීන ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ වැඩිමහල් සොහොයුරා වූ සතිස්චන්ද්‍රයන් පුතුන් දෙදනකුගේ සහ දියනියකගේ පියෙකි.
එදිරිසංහ මහතා ගුවන් විදුලියේ ‘සේරි වාණිජ’ නාටකයේ දේවදත්ත ලෙසින් සිය කලා කටයුතු ආරම්භ කළ අතර, ඉන්පසු ‘වෙස්සන්තර’ නාටකය තුළින් ප්‍රසිද්ධ වේදිකාවට ද, ‘සම්පත’ චිත්‍රපටය තුළින් සිනමාවට ද පිවිසියේය.
ඔහු ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයෙන් මුල්වරට භික්ෂුවක් ලෙස ප්‍රභල රංගනයක නිරත වූයේය.
ඔහු මුල්වරට අධ්‍යක්ෂණය කළ ‘මාතර ආච්චි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් නළුවෙකු ලෙස සිනමා ගමන ආරම්භ කළේය.
අනතුරුව රජ ගෙදර පරවියෝ, ශ්‍රී මධාරා, සතර දිගන්තය, අධිෂ්ඨාන සහ වදුල චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් ඔහු චිත්‍රපට අධ්යක්ෂණයටද පිවිසියේය.
සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් පූජිතයෝ, පොඩි මල්ලි, වදුල, හිම කතර, කොටි වලිගය, ක්‍රිස්තු චරිතය, සුජාතා, දොරකඩ මාරාව, බිතුසිතුවම්, උණ්ඩය, කන්යවි, මදර් තෙරේසා, සුහද කොකා වැනි චිත්‍රපට රැසකටම සිය රංගන දායකත්වය එක් කළේය.
එමෙන්ම සතිස්චන්ද්‍රයන් මහා වෙස්සන්තර, ශ්‍රී වික්‍රම, මනරංජන වැඩ වර්ජන, ඉබිකට්ට, මහ ගෙදර, චෙරි උයන, ලියතඹරා ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබේ.
මීට අමතරව කාර්ය සාධක නායකත්වය, යහපත, කට වට කර වැට, අපසතු මිනිමුතු, නායකත්වය ඇතුළු ග්රන්ථ රැසක්ද ඒ මහතා විසින් රචනා කර තිබේ.
සිය රංගන කුසලතා වෙනුවෙන් ඔහු ජනාධිපති, යූ.ඩබ්ලිව්.සුමතිපාල අනුස්මරණ සම්මානය සහ රයිගම් ටෙලීස් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය ප්රමුඛ සම්මාන රැසකටම හිමිකම් කීමට සමත් විය.
අභාවප්‍රාප්ත සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය එතුමා පදිංචිව සිටි කැලණිය, නුංගමුගොඩ පාරේ අංක 545/1 දරණ නිවසට අද දහවල් රැගෙන ආ අතර, හෙට (25) උදෑසන 8 දක්වා එම නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු හෙට (25) පස්වරු 3ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
167
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
791
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සතිස් දිවි රඟමඩලට සමුදෙයි
Sarath jayatunga Tuesday, 23 December 2025 07:50 AM
අමා මහ නිවන් සුව අත්වේවා
Farook Tuesday, 23 December 2025 08:19 AM
සැබෑ ජාතිවාදියෙක්. 2000 මුල් භාගයේදී ඔහු සහ තවත් කණ්ඩායමක් නොලිමිට් මාර්ගම විවෘත කිරීමට එරෙහිව එහි ඉදිරිපිට විරෝධතා දැක්වූ බව ඔබට මතක ඇති.
Chinthaka Tuesday, 23 December 2025 10:42 AM
අජරාමර නිවන්සැප ලැබේවා
Ruwan Tuesday, 23 December 2025 01:41 PM
පින්කෙත හෙළ රන්දෙරණේ... යළි උපදින්නට, හේතු වාසනා වේවා. හේතු වාසනා...
Any other place is better Wednesday, 24 December 2025 07:46 AM
ඔව්, එහෙ ඉපදෙන එක හොඳයි. ආයෙත් මේ කරුමද්වීපයේ ඉපදෙන්නැතුව.
පිටරැටියා Tuesday, 23 December 2025 06:13 PM
අපි ඉතාමත් ගරු කරන ප්‍රවීණ රන්ගන වේදියෙක්.ඔබ තුමාට නිවන්සුව ලැබේවා !