IMG-LOGO

2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා


2026 කන්‍යා ලග්නය හිමි ඔබට කොහොමද

2026 වසර උදා වීම කන්‍යා ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන  ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබදව  දැනුවත් වෙන්න.

සමාජීය පසුබිම

කන්‍යා ලග්න හිමි ඔබට 2026 වසර  ඇගයීමට, පිළිගැනීමට, සමාජ ගෞරවයට පාත්‍ර වනකාලයක්. පෙර පින් මතුවන එම පෙර පින් පල දෙන කාලයක්. තමන්ගේ ඉලක්ක සාර්ථක වනවා. අනාගත සැලසුම් සාර්ථක වෙනවා. විදෙස් ගමන් සාර්ථක වන වසරක්.
වාසස්ථාන අලුත්වැඩියා කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒවා කරගන්න පුළුවන් කාලසීමාවක් වෙනවා. අලුතෙන් දේවල් ආරම්භ කරන්න පුළුවන් කාලයක්. හැඟීම්බර බව වැඩිපුර දැනෙන කාලයක්. ඒ හැඟීම් බර බව වැඩිවීම නිසා වැරදි දේ සදහා පෙළඹෙන්නත් ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඒ පිළිබදව  කල්පනාකාරී වෙන්න. අනවශ්‍ය සබඳතා වලට පෙලඹෙන්න ඉඩකඩ තිබෙන නිසා තරුණ වයසේ කන්‍යා ලග්න හිමි දූ දරුවන් සිටිනවා නම්  එම දෙමාපියන් හොදින් එම දරුවන් පිළිබඳව විමසිල්ලෙන් සිටින්න.
ඒ වගේම වැඩිහිටි පරම්පරාවත් තමන්ගේ පාලනය  තමන් සතුව තියාගන්න ඕන. එහෙම නොවුනොත් හිත අයාලේ යන්න පටන් ගන්නවා. එය තමන්ගේ පවුල් ජීවිත වලට ප්‍රශ්න ගැටලු ගෙනදෙන්න පුළුවන්. තමන්ගේ නම කැතවෙන්නන පුළුවන්. නිකරුණේ තමන් අගෞරවයට පාත්‍ර වෙන්න පුළුවන්. ඒ වගේ සමාජ සම්මුතියට විරුද්ධ දේවල් වලට හිත පෙළබෙන්නත්  පුළුවන්. එම නිසා ඔබේ පාලනය ඔබ සතුව මේ වසර පුරාවට තබාගන්න සිත් තබාගන්න. ඔබේ චරිතයට හා ඔබේ අනාගතයට මේ සියල්ල බාධාවක් නොවන ආකාරයට වැඩ කටයුතු කරන්න. සෑම වෙලාවේම දුරදිග බලා කටයුතු කරන්න.  ඔබට කෙතරම් සුබදායක වුවත් ඇතැම් විට චිත්ත පීඩා තරමක් දුරට ඇතිවෙන්න ඉඩකඩ තිබෙනවා. නොපෙනෙන බලවේග වලින් පීඩා විඳීම් සිදුවෙන්න පුළුවන්. ඔබ ඒ පිළිබඳව කල්පනාකාරී වෙන්න ඕන. නරක ඇසුරට පත්වීම් තිබෙනවා. එය ප්‍රේම සම්බන්ධතාවයක් නිසා හෝ නරක ඇසුරකට පත්වීම් නිසා සිදුවිය හැකියි. ඔබ ඇතිකර ගන්නා සබඳතා තමන්ට සහ පවුලට නොගැලපෙන කෙනෙක් විලාසයෙන් එන්න පුළුවන්. එසේ නොමැති නම් ඔබේ විවාහයට සහකරු සහකාරිය සොයන විට නොගැලපෙන දෙයක් සිද්දවෙන්නන පුළුවන්. ඒ පිළිබඳව කල්පනාකාරී වෙන්න. එසේ නොමැති වුවහොත් අර්බුද ගැටලු මතුවෙන්න පුළුවන්. 
ඕනෑම දේකට ඉක්මන් වීම, ප්‍රශ්නයක් ඇතිවුණහම කලබල වීම්,තරහ යාම යන දේවල් නිසා තමන්ගේ වැඩ අවුලෙන් අවුලට පත්කර ගැනීමට ඉඩ තිබෙනවා.ඒ නිසා හැම වෙලේම ඔබ ප්‍රශ්නයක් ඇතිවුණහම ඉක්මන් වෙන්න යන්න එපා,කලබල වෙන්නේ යන්න එපා,තරහා ගන්න එපා,හිමීන් නිවී සැනසිල්ලේ ඔබට තිබූ ප්‍රශ්නය හොඳින් කල්පනා කර බලලා ඒකට උත්තරයක් හොයා ගැනීම පමණයි කළ යුතු වන්නේ. මෙය වසර පුරාම මතක තබාගෙන වැඩකරන්න ඕන. 
සැලසුම් කරලා හරි විදිහට වැඩ කරොත්,
ජීවිතය හීන කරා ලේසියෙන්  ලගා වෙන්න පුළුවන් කාලයක් . ඒ සඳහා උත්සාහය, උනන්දුව , කැපවීම තියෙන්න ඕන. ඔබේ බුද්ධිය මෙහෙයවා වැඩ කටයුතු කරන්න. හදිසි කේන්තියට ප්‍රතිචාර  නොදක්වන්න. තමන්ට ඇතිවෙන හදිසි කේන්තියට ඒ මොහොතේම පිළිතුරු සොයන්න යන්න එපා. සතුරු පීඩා කුමන්ත්‍රණ ඇති වෙන්න පුළුවන්.එම නිසා ඇසුරු කරන අය පිළිබඳව කල්පනාකාරී වෙන්න. තමන්ගේ කාර්යබහුලත්වය නිසා ආහාරපාන  ගැනීමට අතපසු වෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවට කෑම ගැනීම අතපසු කරන්න යන්න එපා.   විවාදයක් ඇතිවෙන ඕනෑම තැනකදී එය මඟහැර යන්න. එයට හූමිටි දෙන්න යන්න එපා. එයින් ඔබටත් ප්‍රශ්නයක් වෙනවාමයි. 

ආදායම් තත්වය 

තැන්පත් ධනය වර්ධනය කර ගත හැකි කාලයක්. ව්‍යාපාර සහ ආදායම් තත්ත්ව ඇතිවන වසරක්. ධන ලාභ ඇතිවෙනවා. තමන් පසුගිය අවුරුද්දේ නතර කර තැනින් නැවත ඔබේ ව්‍යාපාර කටයුතු සහ වැඩ පටන් ගන්න පුළුවන්. අලුතෙන් දේවල් ආරම්භ කරන්න, තමන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කරගන්න,තමන්ගේ දියුණුව පතා කරන දේවල් සාර්ථක වනවා. වාහන ඉඩකඩම් මිලදී ගන්න පුළුවන් කාලයක්.
ඥාතීන්ගෙන් පවා මිල මුදල් ,ධනය, උදව් උපකාර ලැබෙන කාලයක්. ඇතැම් විට ලැබෙනවාට වඩා වියදම් කිරීමට සිදුවිය හැකියි. ඒ ගැන කල්පනාකාරී වන්න.ගනුදෙනු කිරීමේදී පරිස්සම් වන්න. වංචා පීඩා වලට හසු වෙන්න පුළුවන්. 

රැකියාවේ ස්භාවය

කලාවට වැඩි ප්‍රියතාවක් දක්වන කාලසීමාවක්. ඉංජිනේරු ආදී ක්ෂේත්‍රවලට වැඩි සුභ ඵලදායේ වසරක්. 

සෞඛ්‍ය තත්ත්වය

තරබාරු අය ඔබේ සෞඛ්‍ය පිළිබඳව කල්පනාකාරී වෙන්නන. ඔබේ තරබාරු භාවය වැඩිවෙන්නන පුළුවන්. ගෑස්රයිටිස්, හන්දිපත් රෝග, ආමාශ රෝග, මානසික පීඩාකාරී තත්ත්වයන්, ඒවගේම වන, දද, කුෂ්ඨ වැනිි තත්ත්වයන් කේතු නිසා ඇතිවෙන්න පුළුවන්. මේ කාලයේ කේතුගේ මහ දශාවක් හෝ අතුරුදශාවක් ගතවෙනවා නම් මේ රෝග වැඩිවෙන්න පුළුවන්. වාත රෝග, දියවැඩියාව සහ සෙම් රෝග ඇති වෙන්න පුළුවන්. පීනස වැනි රෝග තත්ත්වයන් තිබෙන කට්ටිය මේ වසරේ පරිස්සම් වෙන්න. රෝහල් වලට යෑම්, ඊම් සිදුවන අවස්ථා තියෙන්න පුළුවන්.

ප්‍රතිකර්ම

අලුයම් කාලයේදී බෝධි පූජා තිබීම සුදුසුයි.බෝධි පූජාවේදී නිල් මල් සමග සමන්පිච්ච මල් පූජාා කරන්න. සූරිය පිරිත සජ්ඣායනය කරන්න. සමාජ සේවා කටයුතු වලදී පරිස්සමෙන් කටයුතු කරන්න. පූජාවන් සිදු කරන විට ඖෂධ වර්ග ,පලතුරු වැනි දෑ පූජා කිරීම ගොඩක් හොඳයි. තමන්ගේ ජෝතිර් වේදියා හමුවී වැඩිදුර ඔබේ ජන්ම පත්‍රය විශ්ලේෂණය කරගන්නවා නම් වඩාත් හොඳයි.

   අදහස්‍ දැක්වීම - ප්‍රවීණ ජෝතීර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය 

    සටහන - පියුමිකා වීරසූරිය



අදහස් (0)

2026 කන්‍යා ලග්නය හිමි ඔබට කොහොමද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අතන මෙතන යන වෙලාවේ අබාන්ස් එකට යන්න,  අබාන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න... 2026 ජුනි මස 27 0 0
අතන මෙතන යන වෙලාවේ අබාන්ස් එකට යන්න, අබාන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න...

අද කාලේ ගෙදරට අලුතෙන් Fridge එකක්, TV එකක් නැත්නම් Washing Machine එකක් ගන්න එක ලේසි නෑ. මිල ගණන් දැක්කම ’’මේකට එකපාර මෙච්චර සල්ලි ගෙවන්නේ කොහොමද?’’ කියලා

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින ්ිප්‍රයිම් මරීනා සේල්ස් සූට්’ (Prime Marina Sales Suite) වරාය නගරයේදී විවෘත වෙයි 2026 ජුනි මස 08 0 0
ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින ්ිප්‍රයිම් මරීනා සේල්ස් සූට්’ (Prime Marina Sales Suite) වරාය නගරයේදී විවෘත වෙයි

ශ්‍ර ී ලාංකේය දෙ ්පළ වෙළඳාම් ක ්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තබමින්, ප්‍රය ිම් (Prime) සහ මෙල්වා (Melwa) එක්ව ප්‍රය ිම් මරීනා සේල ්ස් සූට්’ (Prime Marina Sales Suite) කොළඹ වරාය නග

Prime Lands Residencies PLC 2026 මූල්‍ය වර්ෂය සඳහා ඉහළම ආදායමක් වාර්තා කරන අතර, නව ව්‍යාපෘති රැසක් සමගින් රු.0.80 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කරයි 2026 ජුනි මස 04 0 0
Prime Lands Residencies PLC 2026 මූල්‍ය වර්ෂය සඳහා ඉහළම ආදායමක් වාර්තා කරන අතර, නව ව්‍යාපෘති රැසක් සමගින් රු.0.80 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කරයි

Colombo, Sri Lanka - ජුනි, 01, 2026 - ප්‍රයිම් රෙසිඩන්සීස් පීඑල්සී (Prime Lands Residencies PLC - CSE: PLR.N) 2026 මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කර ඇත. වෙළඳපල අපේක්ෂාව

Our Group Site