කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
දිට්වා සුළි කුණාටුවෙන් අවතැන්වූ පාසල් සිසුන්ට ආධාර කරන ගමන්ම සිය සාක්කුවට ද ආධාරයක් දමා ගෙන අලි අමාරුවක වැටී සිටින පාසල් ගුරුවරයකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මේ විදුහලේ විදුහල්පති ඇතුළු ගුරු, සිසුහු, දෙමාපියෝ දිට්වා සුළි කුණාටුවෙන් අවතැන්වූ සිසුන් සඳහා යම් උපකාරයක් කිරීමට කතිකා කර ගත්හ. ඔවුහු එය ක්‍රියාවට නැංවූහ. ඒ අනුව ඔවුනට අවතැන්වූ පාසල් සිසුනට බෙදා දීමට අවැසි දේ තොග පිටින්ම ලැබුණේය. පාසල් උපකරණ, අභ්‍යාස පොත්, පොත් බෑග්, පාවහන්, සපත්තු මේස්, පෑන්, පැන්සල් ඒ අතරය.
එසේ එකතුවූ දේ රැගෙන යාමට අනිවාර්යයෙන්ම ලොරි රථයක් අවශ්‍යම විය. ඔවුන් තෝරාගෙන තිබුණේ උතුරු මැද පාසලකි. එම පාසලට ලොරි රථයකින් බඩු ගෙන යාම සඳහා අවශ්‍ය ගමන් වියදම්ද පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකුම දීමට එකගවීම එම විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු මේ සත් කාර්යයට දායකවූ කාටත් ලොකු සහනයක් විය.
මේ ද්‍රව්‍ය ගෙන යාම සඳහා ලොරි රථයක් සොයා ගැනීමට විදුහල්පතිවරයා එක් ගුරුවරයෙකුට භාර කළේය. ඔහු ඒ වැඩවලට දක්ෂයෙකු බව මේ විදුහල්පතිවරයා සිතුවේය. එය පසක් කරමින් මේ ගුරුවරයාද ලොරි රථයක් සොයා ගත්තේය. ඒ ඔහු දන්නා හඳුනන ලොරි රථ හිමියකුගෙනි. මේ ගමන සඳහා තමන් සිය ලොරි රථයේ කුලිය ලෙස ගැනීමට බලාපොරොත්තු වන මුදලද ලොරි රථ හිමියා ගුරුවරයාට කීවේය.
ගාන කමක් නැහැ මුදලාලි අපි යන සෙට් එක ඉතිං පොඩියට සෙට් වෙන්න හිතං ඉන්නේ. ඔව් මහත්තයා ඉතිං මොකක්ද කෙරෙන්න ඕන යයි ලොරි රථ හිමියා ගුරුවරයාගෙන් ඇසුවේය.
මුදලාලි මොකක්වත් කරන්න ඕන නැහැ අපි ලොරියේ කුලියට පන්දාහක් එකතු කරලා කියනවා යයි ගුරුවරයා කීවේය. ඉතිං මට මොකද යැයි ලොරි රථ හිමියා කීවේය. ඔන්න එෙහනම් මුදලාලි වැඩේ හරිනේ. මේ ගැන කටේ කෙළ බිඳක්වත් හෙළන්න එපා. මම හෙටම මුදලාලිට ලොරියේ නියම කුලිය දෙන්න නම් කවුරු හරි ලොරියේ කුලිය ඇහැව්වොත් කියන්න මුදලාලිට මම දෙන ගානට වැඩියෙන් පන්දාහක් තියලා යයි ගුරුවරයා කීවේය. හරි සර් අපි එහේම කරමු යයි මුදලාලි කීවේය.
මේ ගැන කටක් හොලවන්නේ නැතැයි කියූ ලොරි රථ හිමියා ගුරුවරයා දිට්වා ආධාර ගෙන ගිය ලොරි රථයෙන් රුපියල් පන්දහසක් මාටියා ගැසු බව කිහිපදෙනෙකුගේම කනේ තබා ඇත්තේ එම ආරංචිය විදුහල්පතිවරයාගේ ද කනට යන ආකාරයටය. විදුහල්පතිවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පාසල විවෘත කරන තෙක් බලා සිටිනවාලු.
2025 දෙසැම්බර් මස 30
167
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
791
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආපදා ආධාර සාක්කුවට දාගෙන අලි අමාරුවක