කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත
අයියා, මලෝ දෙදෙනා දුන් අපූරු ගේමක් ගැන කතාවක් මේ දිනවල ගාලු දිසාවේ නගරයකින් අසන්න ලැබේ.
මේ සොහොයුරන්ගේ වයස් පරතරය දෑ අවුරුද්දකි. සොහොයුරන් වුවත් ඔවුන් දෙදෙනා කටයුතු කළේ මිතුරන් මෙනි. දෙන්නාම කඩවසම්ය. හැම ගේමක්ම ගැසුවේ සුසංයෝගයෙනි. එකටය. දෙන්නාම විවාහකයෝය. අයියා යමක් කමක් ඇති විවාහක කතක සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගියේය. ඇයගෙන් සිල්ලරේට එක එක දේවල් කඩා ගත්තේය. එය ඔහුගේ හිතට මදිය. එය හරියට මීයක් කඩා අත ලෙවන්න වූවාක් මෙන්ය.
මේ අල්ලපනල්ලේ ඔහුගේ රාක්ෂ ගති ඇති ඇඹේනියට ද මේ සබඳතාව ගැන දැනගන්නට ලැබුණේය. ඒ සම්බන්ධයෙන් ඇය සිටියේ ඔහු සමග නොමනාපයෙනි. දැඩි වෛරයකිනි. මේ සබඳතාවය යළි පැවැතුවහොන් ඔහු නිවසින් එළවන බවට ඇය ඔහුට තර්ජනය කළාය. එසේ වුවහොත් භාර්යාවගේ තැන ලැග සිටින ඔහුට යන්න වනුයේ පන්සලකට හෝ වෙනත් දේවස්ථානයකටය. මේ නිසා තමාගේ අනියම් සබඳතාවය නතර කර දැමීමට ඔහු සිතට ගත්තේය.
එය සිත්හි තබාගත් ඔහු අනියම් සබඳතාවය පවත්වාගෙන ගිය කත පාළු ප්‍රදේශයක පිහිටි කුලී කාමරයකට රැගෙන ගියාය. ඒ විනාඩි හැටකටය. ගතවූයේ ටික වේලාවකි. ඔවුන් දෙන්නා රැඳී සිටින කාමරයේ දොරට තඩිබාන ශබ්දයක් ඇසුණේය. ඒ සමගම ඔහු කාමරයේ දොර ඇරියේය. පිහිය අමෝරාගත් මං පහරන්නෙකි. ඔහු කාමරයට ඇතුළු වී දොර වැසුවේය. කාමරයේ සිටි කත බිය වී අනියම් සැමියා ළඟට දිව ගියාය. ඒ පිළිසරණ පතාය. හොඳ හිතින් ඔය ඇඳගෙන සිටින කණ, කර රත්තරන් ටිකයි පර්ස් එකයි නොදුන්නොත් දෙන්නම මෙතන බාවනවා. එතකොට දෙන්නගේම හොරය ගෙදර අය දැනගනීවි. මම කෙහොමත් තොපි දෙන්නගේම ෆොටෝ ගත්තා. ඉක්මන් කරලා දීපං. නැත්නම් මරණවා යැයි මං පහරන්නා කියාගෙන කියාගෙන ගියේය. කත ඔහු දිහා බැලුවාය.
දැන් කරන්න දෙයක් නැහැ. මූ ඉල්ලන දේ දීලා අපි පණ බේරාගමු යැයි ඔහු කීවේය. ඇයට වෙන කරන්න කිසි දෙයක් නොවූ තැන ඇය ඔහුගේ සහයෝගය ඇතිව මං පහරන්නාට කණ, කර ආභරණ සහ මුදල් පසුම්බියේ මුදල් ද දුන්නාය. මං පහරන්නා ඒවා අරගෙන පලා ගියේය. කත අඬ අඬා නිවසට ගියේ ආයෙමත් මේ වගේ ගමන් නොඑන බව කියමින්ය.
එදා රෑ මේ අයියා, මලෝ දෙදෙනා මිතුරන් සමග සෙට් වී තමන් දෙන්නා දුන්නු අලුත් ගේම ගැන කීවේ මහා අනර්ඝ කාර්යයක් කළාක් මෙන් ආඩම්බරයෙන්ලු.
2025 දෙසැම්බර් මස 30
167
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
791
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අයියා මලෝ ගේමට රන් බඩුත් පුදලා
himal Wednesday, 31 December 2025 09:33 AM
පුදුම වැඩේ කියන්නේ ඔය වගේ පැරණි චිත්‍රපටි කීපයක්ම තිබෙනවා. ඒ චිත්‍රපටි ගැන ලිව්වා නම් මීට හොඳයි.