IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


ඇඳුම් එක්ක මී පැටවුත් දීලා


කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත 



මෑතකදී භාවිතයෙන් ඉවත් කළ එහෙත් යළි භාවිත කළ හැකි හොඳ මට්ටමේ ඇඳුම් තොගයක් දිට්වාගෙන් දිවි ගලවාගත් අයට ලබාදීමට ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයකට දීමට ගිය අයකුට අපූරු අලු‍ත් අත්දැකීමකට මුහුණ දීමට සිදුවූ පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
යමක් කමක් ඇති අයෙකි. ඇඳුම් පැලඳුම් පට්ට ගහනකම් නොඅඳින්නෙකි. එක වරක් දෙවරක් හෝ තුන් හතර වරක් ඇඳ ඔහු අලු‍ත් ඇඳුම්වලට යන්නේ ඔහුට ඇති වත්කම් නිසාමය. නිවෙසේ අනෙක් අය ද එසේමය. ඔවුහු මෙසේ භාවිතයෙන් ඉවත් කරන මේ ඇඳුම් පැලඳුම් ඒවා ඇඟලෑමට කැමති නැති බැරි අයට දන් දෙති. එම ඇඳුම් ගැනීමට බලාගෙන සිටින නැති බැරි අය ඔවුන් පදිංචි ප්‍රදේශයේම සිටියෝය.
මේ ඊයේ පෙරේදා මේ නිවැසියන් භාවිතයෙන් ඉවත් කළ ඇඳුම් පැලඳුම් අල්මාරියෙන් ඉවත් කර පිරිසිදු කාඩ්බෝඩ් පෙට්ටියක බහාලුවේ දිට්වා සුළි කුණාටුවෙන් අවතැන්වූවන්ට ලබා දීමටය. යෙදී තිබූ වැඩත් එක්ක ඔවුනට අස්කර පෙට්ටියක බහාලූ ඇඳුම් පැලඳුම් ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයකට දීමට අමතක වී ගියේය.


ඒ වගේම ඒ සඳහා ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයේ අයගෙන් අවසරය ගැනීමට නොහැකිවීම එයට තවත් හේතුවක් වී තිබිණ.
මේ සියල්ල සම්පූර්ණ වූ නිසාවෙන් ගමේ විහාරස්ථානයේ ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයට නිවෙස් හිමියා මේ ඇඳුම් බහාලූ කාඩ්බෝඩ් පෙට්ටිය රැගෙන ගියේ සිය මෝටර් රථයෙනි. එසේ ගිය ඔහු මෝටර් රථයේ ඩිකියේ දමාගෙන ආ එම ඇඳුම් තොගය සහිත කාඩ්බෝඩ් පෙට්ටිය ඔහු එහි සිටි පොඩි හාමුදුරුවරුන්ට භාර දුන්නේය.
පොඩි හාමුදුරුවරුන් එම පෙට්ටියේ ඇති ඇඳුම් පැලඳුම් මොනවාදැයි සොයා බලා ලේඛනගත කිරීමට සැරසුණේ ඔහු ඉදිරියේමය. ඒ සඳහා උන්වහන්සේලා ඇඳුම් පෙට්ටිය අවුස්සමින් සිටියහ. කාට වුවත් බය නැතිව ඇඳීමට දිය හැකි ඇඳුම් බව දැකීමෙන් උන්වහන්සේලා වඩාත්ම සතුටු වූහ. මෙසේ ඇඳුම් පෙට්ටිය අවුස්සමින් සිටිනා විටදී පෙට්ටිය ඇතුළෙන් පැටවුන් වගයක් අඬනා ශබ්දයක් පොඩි හාමුදුරුවන්ලාට ඇසුණේය.
බොහෝම පරිස්සමට ඒ පිළිබඳව සොයා බැලීමේදී මේ රෙදි පෙට්ටියේ මී පැටව් තුන් දෙනෙක් ගුලි වෙමින් අඬමින් සිටියහ. මේ ඇඳුම් තොගය භාරදීමට ගිය ඔහු මෙය දැකීමෙන් පුදුම විය. අවසානයේ දී ඔහුට සිදුවූයේ එම ඇඳුම් පෙට්ටියම නිවෙසට රැගෙනවිත් එය තැබූ තැනම තබන්නටය. ඒ ඇඳුම් පෙට්ටියේ සිටි මී පැටවුන් තිදෙනාගේ දිවි අහිමි කිරීමට ඇති අකැමැත්ත නිසාවෙනි.

 



අදහස් (1)

ඇඳුම් එක්ක මී පැටවුත් දීලා

අබා Wednesday, 24 December 2025 02:49 PM

හොද මනුස්සයෙක්...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site