IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය ඉදිරියටත්

  • IDB, NEDA සහ SED ඒකාබද්ධ කර මෙම නව අධිකාරිය පිහිටුවීමට යෝජනා වෙලා

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA) සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය  (SED) ඒකාබද්ධ කර, වඩාත් බලාත්මක තනි ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරියේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම නව අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2025.03.17 දින හිමි විය. එහි ඉදිරි කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපත්තිපාදක ණය වැඩසටහන යටතේ අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීමට ද මේ වන විට කටයුතු කරමින් පවතින බවත් ඊයේ පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

වඩාත් සංවිධිත හා කාර්යක්ෂම ආකාරයෙන් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන සේවා සැපයීම සඳහා මෙලෙස නව අධිකාරිය පිහිටුවන බව රජය පවසයි. එම අධිකාරිය සංකල්පීකරණය, උපායමාර්ගික සැලසුම්කරණය හා ක්‍රියාත්මක වීම යන තුන් අදියර රාමුවක් යටතේ ආරම්භ කර තිබෙන බවත් රජය පවසයි.

 



අදහස් (0)

ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය ඉදිරියටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site