(කරන්දෙණීය එම් .සුසිල් ප්‍රියන්ත)
‘‘පාර්ලිමේන්තු 20වැනි ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය මුලුමනින්ම විරුද්ධයි. ඊට සංශෝධන එකතු කිරීමට හෝ සහයෝගය දීමට අපි කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. මේ සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආවාම එය පරද්දන්න අපේ උපරිම බලය යොදවනවා‘‘ යයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා අද (19) සීනිගම පැවති ජන හමුවකදී කීවේය.
එහිදි වැඩිදුරටත් කතා කළ අත්තනායක මහතා මෙසේද කීවේය.
‘‘මේ ආණ්ඩුව සිය බලය යොදන්නේ තමන් ආරක්ෂා වෙන්නයි. ජනතාව ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට නෙමෙයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවක වගකීමක්...
ඒක අමතක කරන මේ ආණ්ඩුව කරන්න වැඩ රැසක් තියාගෙන තමන්ගේ බලය වැඩිකර ගැනීමට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න හදනවා. මේ සංශෝධනය මුලුමනින්ම ජනතාවට හානිකරයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට එයින් වදින්නේ විශාල මරු පහරක්. ඒ නිසා සමගි ජන බලවේගය විදිහට අපි මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මුලුමනින්ම විරුද්ධයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැතිකර දැමීමට අපි කාටවත් සහයෝගය දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් කාටවත් මුක්කු ගහන්න යන්නෙත් නැහැ.
ආණ්ඩුව හිතන් හිටියට තමන්ට 2/3ක බලයක් තියෙනවා කියලා අපිට නම් එහෙම එකක් පේන්න නැහැ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවාම බොහෝ වෙලාවට බුද්ධියක් තියෙන ආණ්ඩු පක්ෂයේම අයත් මේ යෝජනාවට විරුද්ධවේවි. මේ පිරිසත් එකතු කරගෙන අපි පාර්ලිමේන්තුවේදී 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට කටයුතු කරනවා‘‘ යයි ඒ මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘20ට අපි මුලුමනින්ම විරුද්ධයි‘