
(සමන් පාලිත නානායක්කාර)
සෞඛ්‍ය අංශවලට කෝවිඩ් දීමනාව ලෙස බාදීමට නියමිත රුපියල් 7,500 ක දීමනාව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත් ලබා දෙන්නැයි ඉල්ලමින් දියතලාව පිහිටි ඌව පළාත් ආයුර්වේද මහ රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය අද ( 04 ) විරෝධතාවයක නිරත වූහ.
විරෝධතා බැනර් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු පැයක පමණ කාලයක් විරෝධතාවේ නිරත වූහ.
වෛද්‍යවරු හැර දියතලාව ආයුර්වේද මහ රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය මෙම විරෝධතාවයට එක්ව සිටින බවද කැදවුම්කරු ලාල් රූපසිංහ මහතා පැවසීය.
දියතලාව ආයුර්වේද මහ රෝහල කෝවිඩ් රෝහලක් ලෙස මේ වෙනවිට පවත්වාගෙන යන බවද එම නිසා මෙම දීමනාව ඔවුන්ටද හිමි බවද උද්ඝෝෂකයෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd