(රංජිත් රාජපක්ෂ)
නොර්වුඩ් බිලින්කිබොනි වතු යායේ වතු නිවාස පේලියක අද (16) රාත්‍රීයේ හටගත් ගින්නකින් වතු නිවාස පේලියට අයත් නිවාස අටක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි.
එක් නිවසක හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බව වතු කම්කරුයෝ පැවසූහ.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර ගින්නෙන් නිවාස වල තිබූ භාණ්ඩ සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය කීය.
ගිනනෙන් පවුල් 8 කට අයත් සමාජිකයන් 50 ක් පමණ අවතැන් වී ඇති අතර ඔවුන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.
වතු කම්කරුවන් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් එක්ව ගින්න පාලනය කළත් වතු නිවාස පේලියම ගින්නෙන් විනාශ වී ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.
ගින්නට හේතුව සහ ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.



2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වතු නිවාස 8 ක් ගින්නකින් විනාශ වෙයි