හම්බන්තොට, කහදා මෝදර ප්‍රදේශයේදී හක් බෙල්ලන් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ.
කලමැටිය වනජිවි අඩවි ආරක්‍ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් සහ නාවික හමුදාව අද (07) කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබි විවිධ වර්ගයේ හක් බෙල්ලන් 184 ක් සොයා ගෙන ඇති අතර, ඒවා අවසර පත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස නිවසේ තබාගෙන සිටියදි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හම්බන්තොට, කහදා මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 49 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් හක් බෙල්ලන් සහ පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු වනජිවි අඩවි ආරක්‍ෂක කාර්යාලය මඟින් සිදු කරනු ලබයි.
(36698)

COMMENTS
හක් බෙල්ලන්ගේ කටු මුහුදු වෙරළේදී හම්බු වෙනවා. ඒවා ළඟ තබා ගැනීම වරදක්ද?
මෙවැනි බෙලිකටු ඕනෑතරම් වෙරළවල් වල තියෙනවා.ඒවා හැමෝටම වැදගත් නැහැ. ඒත්,වමට කැරකුණ ඒවාට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා අහිංසක මිනිස්සු මුහුදේ කිමිදිලා මේවා ගේනවා. ඇයි මේ බෙලිකටුවට පමණක් මේ අපුරු නීතිය. එතකොට කකුළු කටු, පොකිරිස්සන්ගේ කටු වලට කිසිම දඬුවමක් නැහැ. ඒවාත් වමට කැරකිලා තිබුණානම් බලන්න තිබුණා වැඩේ. මිනිසුන් දහසක් ප්‍රශ්න මැද කීයක් හරි හොයාගන්න දඟලනකොට ඒ මනුස්සයා විනාශකර දානවා. මෙතන තියෙන්නේ කුහක කමයි. දඩ වලින් ලැබෙන කොටස ගැනීමට මෙසේ අවිචාරවත් අයුරින් කටයුතු කිරීම හොඳ නැහැ. කීයක් හරි හොයාගෙන ජීවත්වෙන්නේ අපේම මිනිසුන් නේද කියා හිතන්න තරම් කාරුණිකත්වයක් සමහර අයට නැහැ.