
(දයාරත්න ඇඹෝගම)
සිමෙන්ති තොග සගවා තබා ගැනිම සහ ලකුණු කළ මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරිම යන චෝදනා මත නොච්චියාගම,කුකුල්කටුව,මිහින්තලේ සහ පුල්ලේයාර් හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පස් දෙනෙකු සිමෙන්ති මිටි දෙසිය පනහක් සමග අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බි.ඒ.සි.පි.පෙරේරා මහතා පැවසිය.
සිමෙන්ති තොග සගවා තබා ගැනිම සහ වැඩි මිලට අලෙවි කරන බවට ලද තොරතුරු මත පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදුකොට තිබුණි.
සිමෙන්ති කිලෝ පනහක මිටියක ලකුණු කළ මිල රැපියල් 1050.00 ව තිබියදි එම සිමෙන්ති මිටියක් රුපියල් 1200.00 කට අලෙවි කිරිමත් සිමෙන්ති ගබඩා තුල සගවා තැබිම යන චෝදනා මත මෙම ව්‍යාපාරිකයන් හා සිමෙන්ති අත්අඩංගුවට ගෙන තිබේ.
තව දුරටත් වැටලිම් සිදුකරන බවට පාරිභෝගික අධිකාරිය පවසයි.
අත්අඩංගුවට ගනු ලැබු ව්‍යාපාරිකයන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ෂණ නිලධාරි බි.ඒ.සි.පි.පෙරේරා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් වැටලිම සිදුකොට ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගෙන තිබුණි.

2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩි මිලට සිමෙන්ති විකිණු 5 ක් අත්අඩංගුවට