
(දයාරත්න ඇඹෝගම)
සිමෙන්ති තොග සගවා තබා ගැනිම සහ ලකුණු කළ මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරිම යන චෝදනා මත නොච්චියාගම,කුකුල්කටුව,මිහින්තලේ සහ පුල්ලේයාර් හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පස් දෙනෙකු සිමෙන්ති මිටි දෙසිය පනහක් සමග අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බි.ඒ.සි.පි.පෙරේරා මහතා පැවසිය.
සිමෙන්ති තොග සගවා තබා ගැනිම සහ වැඩි මිලට අලෙවි කරන බවට ලද තොරතුරු මත පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදුකොට තිබුණි.
සිමෙන්ති කිලෝ පනහක මිටියක ලකුණු කළ මිල රැපියල් 1050.00 ව තිබියදි එම සිමෙන්ති මිටියක් රුපියල් 1200.00 කට අලෙවි කිරිමත් සිමෙන්ති ගබඩා තුල සගවා තැබිම යන චෝදනා මත මෙම ව්‍යාපාරිකයන් හා සිමෙන්ති අත්අඩංගුවට ගෙන තිබේ.
තව දුරටත් වැටලිම් සිදුකරන බවට පාරිභෝගික අධිකාරිය පවසයි.
අත්අඩංගුවට ගනු ලැබු ව්‍යාපාරිකයන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ෂණ නිලධාරි බි.ඒ.සි.පි.පෙරේරා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් වැටලිම සිදුකොට ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd