
(කාංචන කුමාර ආරියදාස)
හබරණ හිරිවඩුන්න ඉඳිගස්වැව ගම්මානයට සුදු පැහැති හැකරැල්ලන් විශේෂයක් දිවා රාත්‍රී කාලයේ පැමිණීම නිසා ගම්මුන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
මීට දින කිහිපයකට පෙර සිට ඉතා කුඩාවට ප්‍රධාන මාර්ග සහ මිදුල් වල දැක ගැනීමට හැකි වූ මෙම හැකරැල්ලන් විශේෂය ලක්ෂ ගණනින් මේ වන විට නිවෙස්වල ඇතුලට සහ සෑම ස්ථානයකම විශාල වශයෙන් දැක ගැනීමට හැකි වී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.
මේ හේතුවෙන් ඇතැම් පිරිස් තම දරුවන් සහ කාන්තාවන් වෙනත් ප්‍රදේශවල ඥාතීන් නිවෙස් වලට පිටව ගොස් ඇතැයි ඔවුහු පවසති . මේ වන විට එම ගම්මානයේ පිහිටා ඇති ළිංවල වගා භූමිවල විශාල වශයෙන් දැකිය හැකි අතර නිවෙස්වල වියලා ගැනිම සඳහා යොදා ඇති ලොකුළුණු වල මෙන්ම ගස් කොළන්වලද දැක ගැනීමට හැකියාව හැකි බව ඔවුහු පෙන්වා දෙති


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd